The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ඩීසල්වලට රුපියල් සියය දක්වා සහනාධාරයක්

T

The Leader Desk

April 6, 2026 • 9:50 AM

ඩීසල්වලට රුපියල් සියය දක්වා සහනාධාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව සතියකින් ලෝක වෙළඳපොලේ ඩීසල් මිල කොතරම් ඉහළ යාවිදැයි කිව නොහැකි බවද ජනාධිපතිවරයා කීය.
  • ජනාධිපතිවරයා මේ බව කීවේ මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය" නිල වශයෙන් ඇරැඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
  • ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.
  • ''මේ මොහොතේ වඩා යෝග්‍ය වන්නේ ඉලක්ක සහගත පිරිසකට ඉන්ධන සහනාධාරයක් ලබා දීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තව සතියකින් ලෝක වෙළඳපොලේ ඩීසල් මිල කොතරම් ඉහළ යාවිදැයි කිව නොහැකි බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය" නිල වශයෙන් ඇරැඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි අරමුණයි.

 

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

 

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

''මේ මොහොතේ වඩා යෝග්‍ය වන්නේ ඉලක්ක සහගත පිරිසකට ඉන්ධන සහනාධාරයක් ලබා දීමයි. ඒ සඳහා දත්ත එක්රැස් කර ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවෙනවා. වෙළෙඳ පොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට අප තීරණය කර තිබෙනවා.

මේ සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද? මේ සඳහා අප දත්ත එක්රැස් කර ගත යුතුව තිබෙනවා.

ඩොලර් බිලියන 15ක ඩිජිටල් ගොඩනැගීමේ ඉලක්කයක් අපට තිබෙනවා '' යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...