The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

කියුබාව වෙනුවෙන් පෙරටුගාමීන් පෙරට එයි !

T

The Leader Desk

April 6, 2026 • 3:43 PM

කියුබාව වෙනුවෙන් පෙරටුගාමීන් පෙරට එයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියුබාවට සහයෝගය පළකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
  • මෙම අවස්ථාවට ලංකාවේ කියුබානු තානාපතිවරිය සහ කලාකරුවන්, දේශපානලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.
  • අපි දන්නවා 1962 ඉඳලා කියුබාව ලෝකයේ දීර්ඝතම සම්බාධක අත්විඳිමින් ඉන්නවා.
  • අපි දැක්කා එක වෙලාවක නැම්බියාව වෙනුවෙන් කොන්ද පණ ඇතුව කියුබාව පෙරට ආවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කියුබාවට සහයෝගය පළකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාවට ලංකාවේ කියුබානු තානාපතිවරිය සහ කලාකරුවන්, දේශපානලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.


''කියුබාවට කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු මොහොතක්''

| නීතිඥ නුවන් බෝපගේ
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ,

" මේ ඇවිත් තියෙන්නේ අපි කියුබාවට කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු මොහොතක්. අපි දන්නවා 1962 ඉඳලා කියුබාව ලෝකයේ දීර්ඝතම සම්බාධක අත්විඳිමින් ඉන්නවා. හැබැයි ඒ කියුබාව තවමත් අත් නොහැර මනුෂ්‍යත්වයේ නාමයෙන් පෙනී ඉන්නවා. ඇමරිකාව වගේ රටවල් මිසයිල බෝම්බ හදද්දි ලෝකය පුරා ලක්ෂ හතරක් කියුබානු වෛද්‍යවරුන් සේවය කරනවා. බහුජාතික සමාගම් ඖෂධ ජාවාරම් කරන වෙලාවක කියුබාව කොරෝනා වැක්සින් එක ලෝකෙට දායාද කළා. අපි දැක්කා එක වෙලාවක නැම්බියාව වෙනුවෙන් කොන්ද පණ ඇතුව කියුබාව පෙරට ආවා. මේවා සමාජවාදී කියුබාව ලෝකයේම මනුෂ්‍යත්වය වෙනුවෙන් කරපු කාර්‍යයයන්ගෙන් කොටසක් විතරයි.

අද අධිරාජ්‍යවාදී රටවල් වලිකමින් ඉන්නේ ඒ සමාජවාදී කියුබාව වට්ටන්න. ඔවුන් දශක ගණනක් තිස්සේ කියුබාවට සම්බාධක පණවමින් කියුබාව ආර්ථිකව වට්ටන්න ගන්න පුලුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් ඉන්නේ. දැන් අපි ඉන්නේ තීරණාත්මක මොහොතක. අද වෙද්දි ඇමරිකාව කියුබාවට එරෙහිව සියලු අවි ඔසවලා අවසානයි. දැන් ඔවුන් සූදානම් වෙනවා ප්‍රජාතන්ත්‍රවිරෝධී විදිහට කියුබාව ආක්‍රමණය කරන්න. මේ වෙද්දි කියුබානු ජනතාව ඉන්නේ විශාල අවධානමක. ඔවුන්ට බරපතළ බලශක්ති අර්බුදයකට, ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙලා. තව පැත්තකින් කියුබාවට යුද අවදානමක් මතුවෙලා තියනවා. මේ නිසා කියුබානු ජනතාව ඉන්නේ ජීවිත අයදානමක් එක්ක.

ඒ නිසා අපි මේ වෙලාවේ අත්‍යාවශ්‍ය ආහාරවලින්, ඖෂධවලින් කියුබාවට උපකාර කරමු. අපි අපේ මිත්‍රත්වයේ දෑත් කියුබාව වෙනුවෙන් ඔසවමු. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා "


''අධිරාජ්‍යවාදී ම්ලෙච්ඡත්වයට එරෙහිව දැවැන්ත මහජන බලයක් ගොඩ නැගිය යුතුයි''

665311652 1523699992449608 7052650248131095819 n| සිනමාවේදී ප්‍රසන්න විතානගේ 
එහිදී අදහස් දැක්වූ සිනමාවේදී ප්‍රසන්න විතානගේ,

 " අද අපි මේ රැස් වෙලා ඉන්න වෙලාවේ කියුබාවට අත විතරක් නෙමෙයි ඇමරිකාව තියලා තියෙන්නේ. ඔවුන් මුළු කියුබාවටම ඉතාම අමානුෂික අන්දමින් සම්බන්ධක පනවලා ඉවරයි. අද කියුබාවට තෙල් එන්නේ නැහැ. කියුබානු ජනතාවට අවශ්‍ය ආහාර ටික ආනයනය කරගන්න පුලුවන් කමක් නැහැ. අද වෙද්දි අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කරගන්න විදිහක් නැතුව කියුබානු රෝහල්වල රෝගීන් මිය යන තත්වයක් ඇතිවෙලා. මේ වෙද්දි කියුබාවේ මාතෘ මරණ අනුපාතය විශාල විදිහට ඉහළ ගිහිල්ලා.

ඇයි ඇමරිකාව කියුබාව ආක්‍රමණය කරමින් කියුබාව වට්ටන්න මේ විදිහට කටයුතු කරන්නේ ? ඇත්තටම ඇමරිකාව මේ වෙලාවේ ඉන්නේ චීනයට එරෙහි වෙළඳ යුද්ධයක. අද ඇමරිකාව තමන්ගේ කඩා වැටෙන ධනවාදී ආර්ථිකයට මුක්කු ගහන්න තෝරගෙන තියෙන්නෙ මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්. අද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පැසිස්ට් වාදියෙක්. ඔහු ඉරානයේ ගාසා තීරයේ කුඩා දරුවන්ගේ ඔළුව උඩට බෝම්බ අතහරින්නේ ඉතාම අමානුෂික විදිහට. අද ඇමරිකාව ආඩම්බරෙන් කියන්නේ ඔවුන් ළඟ තියනවා කියලා ලෝකය එකසිය පනස් වතාවක් දවා හළු කල හැකි  න්‍යෂ්ටික ආයුධ තියනවා කියලා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.

අපි හිතනවා කලාකරුවන් විදිහට අපි මේ අමානුෂිකත්වයට එරෙහි වෙන්න ඕන. ඒ නිසා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා මේ වෙලාවේ කියුබාව වෙනුවෙන් පෙනී ඉන්න එක මනුෂ්‍යත්වයේ මූලික කොන්දේසියක්. අනිත් අතට අධිරාජ්‍යවාදී ම්ලෙච්ඡත්වයට එරෙහිව වැඩ කරන ජනතාව කලාකරුවන් එකමුතු වෙලා දැවැන්ත මහජන බලයක් ගොඩ නැගිය යුතුයි.  "

''අපි සියලුදෙනාම ඒ කෲරත්වයට එරෙහි වෙන්න ඕන''

663254136 1523700149116259 5102300776837422118 n| රංගන ශිල්පී කිංස්ලි ලෝස්
එහිදී අදහස් දැක්වූ  රංගන ශිල්පී කිංස්ලි ලෝස්

 " මම රංගන ශිල්පියෙක් නෙවෙයි. මම මනුෂ්‍යයෙක්. මොකද හැමෝම රඟපාන ලෝකෙක මට ඇත්තටම ලැජ්ජයි රංගන ශිල්පියෙක් කියාගන්න. ලෝකෙ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වෙන ඕනම මොහොතක මම සූදානම් ඊට එරෙහිව නැගී ඉන්න. මම හිතනවා ඒක තමයි කලා කරුවෙක්ගේ සැබෑ වගකීම වෙන්නේ.

අද කියුබාව ආක්‍රමණය කරන්න ඇමරිකාව ඉතාම මෙලෙච්ඡ විදිහට උත්සහ කරමින් ඉන්නවා. අපි සියලුදෙනාම ඒ කෲරත්වයට එරෙහි වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි කියුබාවට හැකි අයුරින් උදව් කළ යුතුයි. ඒ නිසා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා ඔබට හැකි සෑම අයුරින්ම කියුබාවට සහයෝගය දක්වන්න කියලා. "

''කියුබාව වෙනුවෙන් පෙනී ඉඳීම කියන්නේම සදාචාරාත්මක කාරණයක්''

662739370 1523700145782926 4328239499623088034 n| ජීවන්ත පීරිස් පියතුමා
එහිදී අදහස් දැක්වූ ජීවන්ත පීරිස් පියතුමා

 " අපි මේ එකතුවෙලා ඉන්නේ මුළු ලෝකෙටම ප්‍රභල ප්‍රකාශනයක් කරන්න. කියුබානු ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඇයි අපි පෙනී ඉන්නේ ? අපි දැක්කා 71 කාලේ 88 - 89 කාලේ දකුණේ වගේම අවුරුදු 30ක් තිස්සේ උතුරේත් පීඩිත ජනතාව අධිරාජ්‍ය ගැති තමන්ව පීඩාවට පත් කරන පාලනයට එරෙහිව අරගල කළා. විප්ලවය, යුද්ධය, කැරැල්ල වගේ මොන නමකින් හැඳින්වුවත් මේ සියලු අරගල ක්‍රියාත්මක වුණේ පීඩනයට එරෙහිව. අන්න ඒ නිසයි අද පීඩනයට එරෙහිව සටන් කරන කියුබානු ජනතාව අපිට සමීප වෙන්නේ.

1959 විප්ලවයට කලින් කියුබාව තුළ තිබුණේ අන්ත අසාධාරණ පාලනයක්. අන්න ඒ නිසයි කියුබාව එදා ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව අරගල බිමට ප්‍රවේශ වුණේ. ඔවුන් ජනතා ස්වාධීපත්‍ය වෙනුවෙන් කරපු ඒ අරගලය ලෝක ඉතිහාසයේ තීරණාත්මක අරගලයක් විදිහට ලියවිලා තියනවා. අද සමහරු කියුබාවට හැන කතාකරන්න බයයි. හැබැයි අපි හිතනවා කියුබාව වෙනුවෙන් පෙනී ඉඳීම කියන්නේම සදාචාරාත්මක කාරණයක්. මුළු ලෝකෙන්ම තනිවෙද්දි නොනැවතී සම්බාධක පැටවෙද්දි කියුබානු ජනතාව තවමත් සමාජවාදී ධජය රැකගෙන ඉන්නවා. අද ඇමරිකානු අධිරාජ්‍යවාදය මුළු කියුබාවම සාගතයෙන් මියැදේවා කියලා හිතාගෙන කියුබාවට එරෙහිව අවි ඔසවද්දිත් කියුබානු ජනතාව නෑ අපි යටත් වෙන්නෑ කියන හැඟීමෙන් සඨන් කරමින් ඉන්නවා.

අපි දන්නවා අදටත් ලෝකයේ දියුණුම නිදහස් සෞඛ්‍ය සේවයක් සහ ලෝකෙ දියුණුම අධ්‍යාපන ක්‍රමයක් කියුබාව සතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට HIV වෛරසය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම ලෝකෙ පළමු වතාවට නැවත්තුවේ කියුබාව. ඔවුන් මේ සියලු ජයග්‍රහණ ලැබුවේ අර ඇමරිකානු සම්බාධකවලට මුහුණ දෙන ගමන්. ඉතින් ඒ කියුබාව රැක ගැනීම කියන්නෙම මේ වෙලාවේ අපේ වගකීමක්. ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉදිරියේ නිවට නියාලු පිළිවෙතක් අනුගමනය කරන්න අපිට පුලුවන් කමක් නෑ. ගාසා තීරය වෙනුවෙන්, ඉරානය වෙනුවෙන් වගේම කියුබාව වෙනුවෙනුත් අපි මේ වෙලාවේ අපේ සහයෝගය පළ කරන්න සූදානම්. "

''මනුෂ්‍යත්වයට අනුව බැලුවමත් කියුබාවට මේ කරන කෲරත්වයන් අපි හෙළා දකින්න ඕන''

666591891 1523699465782994 2287798308155794627 n| වෑකඳවල රාහුල හිමි
 එහිදී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමි

 " අද අධිරාජ්‍යවාදී රටවල් දරුවන්ගේ ඔළුව උඩට බෝම්බ අතහරිනවා විතරක් නෙවෙයි. ඔවුන් තමන්ගේ ලාහය වෙනුවෙන් මුළු මහත් පරිසර පද්ධතියම විනාශ කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ඇමරිකාව කියුබානු සමාජවාදී රාජ්‍යයට එරෙහිව සම්බාධක පණවමින් ඉන්නේ. මෙතන තියෙන්නේ කියුබානු ජනතාව කුසගින්නේ තියලා ඝාතනය කිරීමේ මෙලෙච්ඡ කුමන්ත්‍රණයක්. අපි මේවෙලාවේ මේ අමානුෂිකත්වයට එරෙහිව නැගී සිටින්න ඕන.

මේ වෙලාවේ ආණ්ඩුව පැත්තෙන් කියුබාව ගැන එක වචනයක් කියවෙන්නේ නැහැ. ඉස්සර ජනතා විමුත් පෙරමුණේ අයට මිනිස්සු කිව්වේ චේගුවේරා කාරයෝ කියලා. ඇයි ඒ ? ඒ තමයි එදා කියුබානු ජනතාව දුන්නේ ආදර්ශය අනුව තමයි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු වැඩ කලේ. අද ඒ ඉතිහාසේ අමතක කරලා මාලිමා ආණ්ඩුව ඇමරිකානු රූකඩයල් වගේ කොන්ද නවාගෙන ඉන්නවා. තවමත් සමාජවාදය විස්වාස කරන ජේවිපි සහෝදරයෙක් ඉන්නව නම් අපි කියනවා මේ වෙලාවේ අපි එක්ක හිටගන්න කියලා.

මේ වෙලාවේ කියුබානු ජනතාවට සහෝදරවරත්වයේ දෑත් දිගු කරන එක අපේ වගකීමක්. කියුබාවට මෙහෙම වැටෙන්න දීලා බලාගෙන ඉන්න එක විප්ලවවාදීන්ට උචිත ක්‍රියාවක් නෙවෙයි. මනුෂ්‍යත්වයට අනුව බැලුවමත් කියුබාවට මේ කරන කෲරත්වයන් අපි හෙළා දකින්න ඕන. "

 000 cuba 1000 cuba 2000 cuba 3000 cuba 4000 cuba 5000 cuba 6000 cuba 7000 cuba 8000 cuba 9000 cuba 10000 cuba 11
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...