නොව, දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනගා ජනතාව දැනුවත් කරමින් කළ කැපකිරීම් හරහා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (05) වව්නියාවේ පැවැති 55 වැනි අප්‍රේල් විරු සමරුව අමතමිනි.
බලය ලබාගත්තේ මහජන ව්‍යාපාරයකින්
තමන් වත්මන් තත්ත්වයට පැමිණියේ සැමට ඇහුම්කන් දී, ප්‍රතිපත්ති සම්පාදනය කර, දීර්ඝ කාලයක් බිම් මට්ටමේ දේශපාලනයක නිරත වීමෙන් බව ඔහු පෙන්වා දුන්නේය.
"අපි බලය ගත්තේ විශාල වෙහෙසක් දරලා, ජනතාව දැනුවත් කරලා මිසක් නිකම් ඉබේ වැටෙනකම් බලන් ඉඳලා නෙවෙයි" යනුවෙන් ඔහු පැවසීය.
විපක්ෂයේ 'කුණු කාණු' මානසිකත්වය
වත්මන් විපක්ෂයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ ලේකම්වරයා, ඔවුන් රටට විපතක් සිදුවන තෙක් බලා සිටින බවට චෝදනා කළේය.
"දැන් විපක්ෂය කරන්නේ කුමන්ත්‍රණ කර කර බලන් ඉන්න එක. ඔවුන් හිතන්නේ ඔටුන්න කුණු කාණුව දිගේ ඇවිල්ලා ඔළුවට වැටෙයි කියලා. රටට විපතක් වෙලා හරි තමන්ට බලය එනවා නම් හොඳයි කියලා හිතන මෙවැනි විපක්ෂයක් ලෝකෙ කොහේවත් නැහැ" යැයි ඔහු සඳහන් කළේය.
"අරගල එන්නේ දින දමාගෙන නොවෙයි"
විපක්ෂය නිරන්තරයෙන් ආණ්ඩුව පෙරළෙන තෙක් දින ගණන් කරමින් සිටින බව පැවසූ ටිල්වින් සිල්වා, දෙසැම්බර් මාසයේ අරගලයක් එන බවත්, එය නොවූ කල අප්‍රේල් මාසයේදී එය සිදුවන බවත් පවසමින් ජනතාව මුළා කරන බව ප්‍රකාශ කළේය.
"මිනිස්සු පාරට බැහැලා ඉන්නේ බඩු ගන්නයි, ඇඳුම් ගන්නයි මිසක් ආණ්ඩුව පෙරළන්න නෙවෙයි. ආණ්ඩුව රකින්න ඕන වුණොත් අපේ ජනතාව ඕනෑම වෙලාවක පාරට බහිනවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
රට පාවා දෙන බංකොලොත් දේශපාලනය
රටට මිසයිල ප්‍රහාරයක් එල්ල වී හෝ ජනතාවට කෑම, තෙල් නැති වී හෝ ආණ්ඩුව වැටෙන්නේ නම් විපක්ෂය එය ප්‍රාර්ථනා කරන බවත්, මෙය රටට විපතක් මෙන්ම සාපයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මෑතකදී ඉරාන නැවකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා හෙළා දකිමින් ඔහු මෙසේ පැවසීය:
"නැවට ගහන්න ඔත්තු දුන්නේ අපේ ආණ්ඩුවලු. එතරම් පහත් තැනකට විපක්ෂයක් වැටෙනවා නම් ඒක රටට ලොකු සාපයක්. බලය ගන්න ඕනෑම බොරුවක් කියන්න, රට පාවා දෙන්න ඔවුන් සූදානම්."
දරාගැනීමේ හැකියාව සහ අනාගතය
දේශපාලනයේදී වැදගත්ම සාධකය 'දරාගැනීමේ හැකියාව' බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා, 1971 අරගලයේ සිට තමන්ට ලැබුණු පන්නරය මත ඕනෑම කුමන්ත්‍රණයකට මුහුණ දීමේ ශක්තිය පක්ෂයට ඇති බවත්, විපක්ෂයේ වංචා සහ කුමන්ත්‍රණ හමුවේ ආණ්ඩුව පසුබට නොවන බවත් අවධාරණය කළේය.




