The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ඉන්දියානු සහ චීන තානාපතිවරුන් හදිසියේ මහින්ද සහ නාමල් හමුවෙති

T

The Leader Desk

April 7, 2026 • 3:18 PM

 ඉන්දියානු සහ චීන තානාපතිවරුන් හදිසියේ මහින්ද සහ නාමල් හමුවෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂ සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා හමුවී පෞද්ගලිකව සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වෙයි.
  • අනතුරුව මහ කොමසාරිස්වරයා මහින්ද සහ නාමල් සමඟ රාත්‍රී භෝජනය ගනිමින් පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ දේශපාලනයට අදාළ කරුණු ගැන සාකච්ඡා කර ඇත.
  • ඉන්දීය මහ කොමසාරිස් හමුවෙන් දෙදිනකට පසු චීන තානාපති වී.
  • ෂෙන්හොන් සහ ඔහුගේ බිරිඳ මහින්ද රාජපක්ෂ ගේ කොළඹ නිවසට පැමිණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජපක්ෂ සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා හමුවී පෞද්ගලිකව සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වෙයි.

මෙම හමුවීම්වලින් මුලින්ම පැවතියේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ මහින්ද නාමල් අතර හමුවයි.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ ට සහ නාමල් රාජපක්ෂ ට තානාපතිවරයාගේ නිල නිවසට ඇරයුම් කර තිබිණි.

ඒ අනුව මහින්ද ශිරන්ති යුවළත්, නාමල් ලිමිණි රාජපක්ෂ යුවළත් තානාපති නිල නිවස වෙත පැමිණියහ.

අනතුරුව මහ කොමසාරිස්වරයා මහින්ද සහ නාමල් සමඟ රාත්‍රී භෝජනය ගනිමින් පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ දේශපාලනයට අදාළ කරුණු ගැන සාකච්ඡා කර ඇත. ඒත් මේ කතාබහට අදාළ සවිස්තර තොරතුරු වාර්තා නොවේ.

ඉන්දීය මහ කොමසාරිස් හමුවෙන් දෙදිනකට පසු චීන තානාපති වී. ෂෙන්හොන් සහ ඔහුගේ බිරිඳ මහින්ද රාජපක්ෂ ගේ කොළඹ නිවසට පැමිණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර  ද පොහොට්ටුව මහලේකම් සාගර කාරියවසම් ද එක්වූහ. තානාපති යුවළට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද මහින්ද සහ නාමල් විසින් පිරිනමනු ලැබීය.

මෙම හමුවේදී මෙරට දේශපාලන තත්ත්වය, කලාපීය දේශපාලනය සහ වත්මන් රජයේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන පුළුල් සාකච්ඡාවක් සිදුවූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...