The Leader News
BREAKING
ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●
Top Ad
පුවත්

වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණයි ! - 'ඔවුන්ට දෙන්න හිටපු සාකච්ඡාව දෙන්නේ නෑ' : සෞඛ්‍ය ඇමති

T

The Leader Desk

April 9, 2026 • 11:28 AM

වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණයි ! - 'ඔවුන්ට දෙන්න හිටපු සාකච්ඡාව දෙන්නේ නෑ' : සෞඛ්‍ය ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, "මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ...මේ වැඩවර්ජනය අසාධාරණයි.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී යම් වරදක් කර ඇත්නම් අධිකරණයේ සහාය පැතීම සුදුසුම දේ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
  • "දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා.
  • පළමු පත්වීමට මාරු මණ්ඩල අදාළ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, "මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ...මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්" යනුවෙනි.

දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරගෙන යන වැඩවර්ජනය තව දුරටත් සිදුනොකරන ලෙස තමා ඉල්ලා සිටින බවද පැවසු අමාත්‍යවරයා අද දිනයේ සිට වැඩභාරගැනීමට නියමිත නවක වෛද්‍ය නිලධාරීන්ට කිසිදු බියක් නොමැතිව රාජකාරියට වාර්තා කරන ලෙස ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නියමිත බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී යම් වරදක් කර ඇත්නම් අධිකරණයේ සහාය පැතීම සුදුසුම දේ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා. එක පැත්තකින් මැද පෙරදිග අර්බුදයක් පවතින වෙලාවක මෙහෙම වැඩවර්ජනයක් කරන එක කිසිම සාධාරණයක් නෑ. අනිත් එක මේකට හේතුව කරගෙන තියනේනේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න GMOA සිටිය යුතුයි කියන ස්ථාවරයේ සිටිමින්, ඔවුන් වැඩවර්ජනය කරනවා.

පළමු පත්වීමට මාරු මණ්ඩල අදාළ නෑ. ගිය අහඟහරුවාදා මේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹට කැඳවලා තර්ජනය කළා GMOA පත්වීම් ගන්න එපා කියලා. පත්වීම් අරන් යන අය ගැන එයාලා බලාගන්නම් කිව්වා. දිගින් දිගටම මාධ්‍ය මඟින් තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා. හැබැයි කණ්ඩායමේ 453ක් හිටියා, ඒකෙන් 436ක් අප්‍රේල් 4 වෙද්දි අයදුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා. ඉතුරු 17න් 16ක්ම සීමාවාසික පුහුණුවෙන් පස්සේ RHO එක හරියට නොකරපු අය. එක් අයෙක් තමා හරියට කිව්වොත් ඉල්ලුම් නොකළේ. මේ වැඩවර්ජනය කරන එක කිසිම පදනමක් නෑ."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...