The Leader News
BREAKING
ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●
Top Ad
පුවත්

බලශක්ති ඇමති ඉල්ලා අස්වියයුතුයි - මහාචාර්ය ජී. එල්. පීරිස්

T

The Leader Desk

April 9, 2026 • 2:55 PM

බලශක්ති ඇමති ඉල්ලා අස්වියයුතුයි - මහාචාර්ය ජී. එල්. පීරිස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් රජය මැදිහත්වී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී.
  • ‘බොරුවට තිත - දූෂණයට වැට දේශපාන දඩයමට එරෙහි එකම හඬ’ යන තේරාව යටතේ ‘ඒකබද්ධ විපක්‍ෂය’ කොළඹ මල්පාරේ පිහිටි දේහපාලන කාර්යාලයේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.
  • බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහිව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡා වන බවත් එම සිද්ධිය වී ඇත්තේ කුමාර ජයකොඩි අමාත්‍යවරයා හැටියට වැඩභාරගෙන කටයුතු කිරීමට පෙර යැයි ආණ්ඩුව පවසන බවත් ඔහු පැවසීය.
  • මෙය බරපතල කරුණක් හැටියට සැළකීමට කිසිම පදනමක් නැතැයි කියන තර්කය ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් වන බව කී මහාචාර්ය ජී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් රජය මැදිහත්වී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් අද (9) පැවසීය.

‘බොරුවට තිත - දූෂණයට වැට දේශපාන දඩයමට එරෙහි එකම හඬ’ යන තේරාව යටතේ ‘ඒකබද්ධ විපක්‍ෂය’ කොළඹ මල්පාරේ පිහිටි දේහපාලන කාර්යාලයේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.  

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහිව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡා වන බවත් එම සිද්ධිය වී ඇත්තේ කුමාර ජයකොඩි අමාත්‍යවරයා හැටියට වැඩභාරගෙන කටයුතු කිරීමට පෙර යැයි ආණ්ඩුව පවසන බවත් ඔහු පැවසීය.

මෙය බරපතල කරුණක් හැටියට සැළකීමට කිසිම පදනමක් නැතැයි කියන තර්කය ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස්, කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ විධායක තනතුරක් දරණ අවස්ථාවේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්‍ෂි ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන බව ද සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙසේද ප්‍රකාශය කළේය.

රජයේ ස්ථාවරය අභූත ස්ථාවරයක්....

''හෙට පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡාවට භාජනය වෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමතිතුමාට විරුද්ධව තමයි ඒ විශ්වාසභංගය ගේන්නෙ. දැන් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අභූත ස්ථාවරයක්. රජය වෙනුවෙන් කෙරෙන ප්‍රකාශවල සඳහන් වන්නේ 'මෙතන කිසිම ගැටලුවක් නැහැ, ලොකු ප්‍රශ්නයක් නැහැ, මේ ගැන කිසිම පියවරක් ගැනීම අවශ්‍ය වන්නේ නැහැ' කියලා.

මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ කුමාර ජයකොඩි මැතිතුමා අමාත්‍යවරයා හැටියට වැඩ භාරගෙන කටයුතු කිරීමට පෙරයි. මෙය ඊට පෙර සිදුවෙච්ච සිද්ධියක්. මේ පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් දැක්වීම අවශ්‍ය නැහැ, මේක බරපතළ කාරණයක් හැටියට සැලකීමට කිසිම පදනමක් නැහැ කියන තර්කය තමයි ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ.

මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ කුමාර ජයකොඩි මැතිතුමා පොහොර සංස්ථාවේ විධායක තනතුරක් දරන අවස්ථාවේ. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව කියනවා ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා ඒ කාලයේ සිදුවෙච්ච සිද්ධියක් පිළිබඳව. ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ කුමාර ජයකොඩි මැතිතුමා ගත් තීරණ නිසා සමාගමකට අයථා ලාභයක් ලැබුණා, රජයට අසාධාරණ අලාභයක් විඳින්නට සිද්ධ වුණා කුමාර ජයකොඩි මැතිතුමාගේ ඒ ක්‍රියාමාර්ගය නිසා.


දැන් කවුරුහරි ඇමතිවරයෙක් හැටියට පත්වෙන්න පෙර අමාත්‍යංශයක සේවය කරන්න පුළුවන් ලේකම් හැටියට, එහෙමත් නැත්නම් සංස්ථාවක සභාපතිවරයෙක් හෝ විධායක නිලධාරියෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්. නැත්තම් පළාත් පාලන ආයතනයක සාමාජිකයෙක් හෝ සභාපතිවරයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් ඒ කාලයේ ඇමති ධුරය දරන්න ඉස්සෙල්ලා. මොකක් හරි සිදුවීමක් සිද්ධ වුණා, ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රජයට අසාධාරණ අලාභයක් සිද්ධ වුණා. ඒ හින්දා නඩු දාන්න, නඩු දැමීමට ප්‍රමාණවත් සාක්ෂි, ශක්තිමත් පදනමක් තියෙනවා කියන මතය අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා නම්, මේ සිද්ධිය සිදුවුණේ ඇමති ධුරය භාරගත්තට පස්සේද, ඊට ඉස්සෙල්ලාද කියන එක කිසිම වැදගත්කමකින් තොර දෙයක්. ඉස්සෙල්ලා වුණත් කමක් නැහැ, පස්සේ වුණත් කමක් නැහැ. ඒ සිද්ධිය පිළිබඳ නඩු දාන්න ඕනේ විදිහට නිර්දේශයක් කරනවා නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, එහෙනම් ඇමති ධුරයේ වැඩකටයුතු ආරම්භ කරාට පස්සෙද එහෙමත් නැත්නම් වෙනත් තනතුරක් දරපු කාලෙද මේ සිද්ධිය සිදුවුණේ කියන එක කිසිසේත් වැදගත්කමකින් තොර විභේදනයක්.


දැන් හෙට පාර්ලිමේන්තුව මේක විවාදයට භාජනය කරනකොට මොකක්ද මූලික කාරණය? ඒ කියන්නේ මේ ඉතිහාසය, මේ වාර්තාව අනුව මේ පුද්ගලයා ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක් භාරව, ඒ අමාත්‍යාංශයේ නායකත්වය දරමින් වැඩකටයුතු කිරීම තමයි වැදගත්, වෙන කිසිම දෘෂ්ටිකෝණයකින් මේ ගැන බලලා වැඩක් වෙන්නේ නැහැ. ජනතාවගේ පැත්තෙන් මෙහෙම වගකීමක් එවන් පුද්ගලයෙකුට පැවරීම හා එම අමාත්‍යාංශයේ වැඩකටයුතු කිරීම හිතකරද නැද්ද, යහපත්ද නැද්ද, ජනතාවගේ සුභසිද්ධිය කියන තීරණාත්මක සාධකය සැලකීමට භාජනය කරනවා. එසේනම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ අවස්ථාවේදී කුමාර ජයකොඩි අමාත්‍යවරයා කළ යුත්තේ තාවකාලිකව හෝ තමා දරණ අමාත්‍යංශයෙන් අස් වීමයි. එසේ නැතිනම් ඔහුව ඉවත් කිරීම තමයි මේ අවස්ථාවේ සිදුකළ යුතු ප්‍රධානම කාරණය වන්නේ.

මේකයි ඉතිහාසය, මේකයි වාර්තාව, මේකයි අල්ලස් හා කොමිෂන් සභාවේ නිර්දේශය. මේක තමයි කේන්ද්‍රීය ප්‍රශ්නය. සම්පූර්ණ විවාදය පදනම් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය මත. එතකොට මේ සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන තර්ක අභූත තර්ක. ඒකෙන්ම පේනවා කෙතරම් අසරණ තත්ත්වයකට රජය පත්වෙලා තියෙනවාද කියලා.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...