එම ප්‍රදේශයේ ගම්මාන හයක පමණ ජනතාව දැඩි අපහසුතාවකට මුහුණ දී සිටිති.
මහවැලි ගඟෙන් ලබාදෙන නළ ජලය සැපයීම අඩපණ වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ජාතික ජලසම්පාදන මණ්ඩලය පවසයි.
මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බලගොල්ල ප්‍රදේශයට ජලය සපයන ජල ව්‍යාපෘතියට ජලය ලබා ගන්නා මහවැලි ගඟේ ජලය, පවතින නියඟය නිසා සිඳී යාමත්, එම ජලය ලබා ගන්නා ස්ථානයේ රොන් මඩ පිරී තිබීමත් හේතුවෙන් නළ ජලය ලබා දීමේ දැඩි අපහසුතාවක් ඇති වී තිබීම බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
ජල පාරිභෝගිකයන්ට නළ ජලය නොලැබීම නිසා බීමට කෙසේ වෙතත්, එදිනෙදා කටයුතුවලට මෙන්ම වැසිකිළි යාමටවත් ජලය නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්ව සිටිති.
ජල බවුසර් මගින්වත් මෙම ප්‍රදේශයට ජලය ලබාදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව, ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කර සිටිති.
දින ගණනාවක් තිස්සේ ජලය නොලැබීම නිසා රැකියා සඳහා යන පිරිස්, පාසල් දරුවන්ට පවා මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා බරපතළ ගැටලුවකට බව ප්‍රදේශයේ ජනතාව පවසති.
දැනට උද්ගතව පවතින මෙම පානීය නළ ජල අර්බුදය නිසා පල්ලේකැලේ, බලගොල්ල, වරාපිටිය, නත්තරම්පොත යන ප්‍රදේශවල පදිංචි ජනතාව මුදල් ගෙවා බෝතල් ජලය ලබා ගන්නා අතර, එදිනෙදා ජලය අවශ්‍ය වෙනත් කටයුතුවලට ජලය නොමැති බව ජල පාරිභෝගික ජනතාව පවසති.
( lankalokaya | අජිත් ජනානන්ද)







