කෙටුම්පත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සම්මුතියෙන් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
යුද්ධාවසානයෙන් පසු මුල්ම වතාවට එවන් කමිටුවක් පත් කර ඇත්තේ 2026 අප්‍රේල් 9 වැනි බ්‍රහස්පතින්දා කොළඹදී දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් පැවැති දෙවැනි සාකච්ඡාවේදීය.
දෙමළ නීතිඥ සංසදය නිවේදනය කර ඇත්තේ එම සාකච්ඡාව දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ නායකයන්ගේද සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංග පිළිබඳව සිය සංසදයේ සම්බන්ධීකරණයෙන් සාකච්ඡාවට ලක් වු අතර එහිදි දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංග පිළිබඳව පක්ෂ අතර ඒකමතික එකඟතාවයකට පැමිණි බවයි.
එම මූලික අංග පොදු අරමුණක් ලෙස ගනිමින් දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා පුළුල් විසඳුම් සැලැස්මක් සකස් කිරීමට එකඟ වී ඇති අතර ඒ සදහා විශේෂ කෙටුම්පත් කමිටුවක් ද පිහිටුවා ඇත. ඒ සදහා උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂවල නියෝජනය මෙන්ම විශේෂඥ කමිටුවක් ද ඇතුලත් බවයි දෙමළ නීතිඥ සංසදය පවසන්නේ.
දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ එම කටයුත්තට මුල පිරීමේ සම්බන්ධිකාරකවරුන් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් නීතිඥ රනිතා ඥාණරාජා සහ මරියදාස් ජුඩ් දිනේෂ් කටයුතු කරන බවයි.
විශේෂඥ කමිටුවට ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනක ඊශ්වරන්, මහාචාර්ය එම්. සෝර්නරාජා, මහාචාර්ය එන්. සෙල්ව කුමාරන් , මහාචාර්ය වී. ටී තමිල්මාරන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. සිවකුමාර්, ආචාර්ය කුමරවඩිවේල් ගුරුබරන් යන අය ඇතුළත් වේ.
තවද, මෙම සමුළුවට සහභාගී වන සෑම දෙමළ ජාතික දේශපාලන පක්ෂයක්ම මෙම විශේෂඥ කමිටුවට තම පක්ෂය නියෝජනය කරමින් එක් සාමාජිකයකු බැගින් පත් කිරීමටත් එකඟ වී ඇත.
විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන මීට පෙර දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුව සඳහා විසඳුම් සහ යෝජනා ඉදිරිපත් කර ඇතත්, සියලු දෙමළ ජාතික පක්ෂවලට පිළිගත හැකි ඒකාබද්ධ රාමුවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවට මෙම සාකච්ඡාවේදී එකග වී තිබේ.
දෙමළ නීතිඥ සංසදය නිවේදනය කර ඇත්තේ එම තත්වය තුළ ශ්‍රී ලංකා රජය අනාගතයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නේ නම්, මෙම ඒකාබද්ධ මූලික රාමුව දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික පක්ෂවල ඒකාබද්ධ ස්ථාවරය ලෙස ඉදිරිපත් කරන බවට ද මෙම සමුළුවේදී ඒකමතිකව තීරණය කළ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණය යටතේ පැවැති පළමු සාකච්ඡාව කොළඹ දී සිදු කර තිබුනේ 2026 මාර්තු 2 වැනිදා ය.






