The Leader News
BREAKING
සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●
Top Ad
පුවත්

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන් - ඉදිරි ක්‍රියාමාර්ග විධායක රැස්වීමේදී

T

The Leader Desk

April 11, 2026 • 3:35 AM

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන් - ඉදිරි ක්‍රියාමාර්ග විධායක රැස්වීමේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධායක රැස්වීමේදී තීරණය කරන බවය.
  • "අපි ප්‍රකාශ කළ විදියටම අද දින උදෑසන 8ට මෙම වැඩවර්ජනය අවසන් කරනවා.
  • ඒ අනුව අද දින උදෑසන 8න් පසු රට පුරා රෝහල් පද්ධතිය පුරාම සාමාන්‍ය විදියට රාජකාරී නිසි පරිදි සිදුවෙනවා.
  • සෞඛ්‍ය අමාත්‍යාං‍ශය සිය සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකර සීමාවාසික පත්වීම් ලබාදී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා උදෑසන මෙම වර්ජනය ආරම්භ කළ අතර, එය ඊයේ දෙවන දිනටත් ක්‍රියාත්මක විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධායක රැස්වීමේදී තීරණය කරන බවය.

"අපි ප්‍රකාශ කළ විදියටම අද දින උදෑසන 8ට මෙම වැඩවර්ජනය අවසන් කරනවා. ඒ අනුව අද දින උදෑසන 8න් පසු රට පුරා රෝහල් පද්ධතිය පුරාම සාමාන්‍ය විදියට රාජකාරී නිසි පරිදි සිදුවෙනවා. නමුත් එතනින් එහාට අපි ගන්න තීන්දු තීරණ අලුත් අවුරුද්දෙන් පසු රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් මෙම ගැටලුව අධිකරණය දක්වා ගිහින් තිබෙනවා." ඔහු වැඩිදුරටත් පැවසිය.

සෞඛ්‍ය අමාත්‍යාං‍ශය සිය සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකර සීමාවාසික පත්වීම් ලබාදී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා උදෑසන මෙම වර්ජනය ආරම්භ කළ අතර, එය ඊයේ දෙවන දිනටත් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතා රැසකට මුහුණ දුන්හ.

දැඩි මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් දීමේ ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනකු ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (10) දැනුම් දුන්නේය.


සබැඳි පුවතක් :

සීමාවාසික වෛද්‍ය පත්වීම් වලට එරෙහි පෙත්සම්වල නියෝගය 08 වැනිදා


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...