ආර්ථික අර්බුදය පැවති කාලයේදී පහළ ගිය මෙම අගය මෙසේ නැවත ඉහළ ගොස් ඇත්තේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමත් සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මධ්‍යයේ ණය ලබා ගැනීමේ පිරිවැය අඩුවීමෙන් බව මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශයට ලබා දුන් ණය ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටමට වඩා පහළ මට්ටමක පවතින බව වාර්ෂික ආර්ථික විවරණයේ දැක්වේ.
ආර්ථික අර්බුදයට පෙර වසරවලදී සිය ඉහළ යන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුව ඇතුළුව දේශීය බැංකු අංශයෙන් වැඩි වශයෙන් ණය ලබා ගැනීමට රජයට සිදු වුණේ රාජ්‍ය මූල්‍ය අංශයේ ව්‍යුහාත්මක අසමතුලිතතා අඛණ්ඩව පැවතීම හේතුවෙනි.
මේ හේතුවෙන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ කුමන වෙනස් වීම් සිදු වුවත් පෞද්ගලික අංශයට මූල්‍ය පද්ධතිය තුළින් ණය ලබා ගැනීමට පැවැති අවකාශය සීමා විය.
ආර්ථික අර්බුදය පැවැති කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම සහ නියමිත වේලාවට ණය ගෙවීමට නොහැකි තත්ත්වය හමුවේ ඉහළ රාජ්‍ය ණය අවදානමක් පැවතිණි.
එම තත්ත්වය තවදුරටත් උග්‍ර වූයේ එමඟින් රජයට විදේශීය මූල්‍ය ප්‍රභවයන් වෙත ප්‍රවේශ වීමට තිබූ අවකාශය සීමාවීම හේතුවෙනි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




