The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

ළමා අපචාර චුදිත නාහිමියන්ගේ රිමාන්ඩ් භාරය ගැන අධිකරණය අතීරණයේ

T

The Leader Desk

May 13, 2026 • 8:07 AM

ළමා අපචාර චුදිත නාහිමියන්ගේ රිමාන්ඩ් භාරය ගැන අධිකරණය අතීරණයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ ළමා අප‌යෝජන සිදුවීමේ සැකකරුවකු ලෙස නම් කරමින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, 12 දාට තමන් හමුවට පමුණුවන ලෙසත් නියෝග නිකුත් කරනු ලැබුවේ ද අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින්ය.
  • ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පසුගිය 08 දා මෝසමක් මගින් නඩුව කැඳවා කරනු ලැබු කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙනය.
  • අටමස්ථානාධිපති නාහිමියන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසුන කොළඹ නවලෝක රෝහල වෙත ගිය කොළඹ අංක 08 මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කරනු ලැබුවේ අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි හේමරත්න හිමියන් අත්අඩංඟුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසයි.
  • එමෙන්ම මැයි 12 දා උන්වහන්සේ අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලෙසත් නියෝග කොට තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අඟහරුවාදා ( 12) විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේ  ළමා අපයෝජන චෝදනා ලත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් බන්ධාගාර නිලධාරින් විසින් තමන් හමුවට ඉදිරිපත් කර නොමැති බැවින්ද, ඒ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් වෙත නිසි පරිදි නිල වශයෙන් කරුණු වාර්තා වීමක් සිදු කර නොමැති බැවින් ද  සැකකාර හිමිනම තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ බලයක් තමන් සතු නොවන බවයි.

 

අදාළ ළමා අප‌යෝජන සිදුවීමේ සැකකරුවකු ලෙස නම් කරමින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, 12 දාට  තමන් හමුවට පමුණුවන ලෙසත් නියෝග නිකුත් කරනු ලැබුවේ ද  අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින්ය. ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පසුගිය 08 දා  මෝසමක් මගින් නඩුව කැඳවා  කරනු ලැබු කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙනය.

 

අටමස්ථානාධිපති නාහිමියන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසුන කොළඹ නවලෝක රෝහල වෙත ගිය කොළඹ අංක 08 මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කරනු ලැබුවේ අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි හේමරත්න හිමියන් අත්අඩංඟුවට ගෙන  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසයි. එමෙන්ම මැයි 12 දා උන්වහන්සේ අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලෙසත් නියෝග කොට තිබුණි.

නමුත් 12 දා දින නඩුව කැඳවන ලද අවස්ථාවේදි අනුරාධපුරය බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක  විසින්  වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කොට  ඇත්තේ පල්ලේගම හේමරත්න හිමියන් හට විශේෂ වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව ඇති බැවින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බවට වැලිකඩ බන්ධනාගාර අධිකාරි  දැනුම් දී ඇති බවයි.

අනුරාධපුරය  මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසින් සැකකාර හිමිනම තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම ප්‍රතික්ෂේප කිරීමේ දැනුම්දීම කර ඇත්තේ ඉන් අනතුරුවය.  

 

නමුත් අදාල ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු ලෙස  පල්ලෙගම හේමරතන හිමියන් නම් කරන ලෙසත්, වහාම එම හිමියන්ව අත්අඩංඟුවට ගන්නා ලෙසත් මුල්ම නියෝගය නිකුත් කරන ලද්දේ ද අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින්ම ය.

 

ළමා රක්ෂක බලධාරින් නෑ

 

අඟහරුවාදී නඩුව කැඳවු අවස්ථාවේදි වින්දිත දැරියගේ අයිතිවාසිකම් හෝ ඇය වෙනුවෙන් කරුණු දැක්වීමට හෝ කිසිදු නීතිඥ සහායක් නොලැබී ඇති අතර, පොලිසිය නිසි පරිදි විමර්ශනයන් සිදු නොකරන බවට මෙයට පෙර අවස්ථා කිහිපයකදීම කරුණු දැක්වු ජාතික ළමා රක්ෂක අධිකාරියේ බලධාරින් හෝ ඊයේ දින නඩුව කැඳවු අවස්ථාවේදි අධිකරණය හමුවේ පෙනි සිට නැත. නමුත් සැකකාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඟ ඉන්ද්‍රතිස්ස ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් සහ අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයේ අති බහුතරයක නීතිඥ පිරිසක් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව තිබේ.

 

මේ සම්බන්ධව අදහස් දක්වන ලද අනුරාධපුරය ප්‍රදේශයේම නීතිඥවරයෙකු අප සමඟ කියා සිටියේ අදාල  සිදුවීම බරපතල ගණයේ ළමා අපයෝජනයක් බැවිනුත්, එයට චෝදනා ලද සැකකරු රටේ බලසම්පන්න බෞද්ධ හිමිනමක් වන බැවිනුත්   අවම වශයෙන් ජාතික ළමා රක්ෂක අධිකාරියේ බලධාරින් ඊයේ දින අධිකරණය හමුවට පැමිණ කරුනු දක්වනු ලැබුවේ නම් මෙයට වඩා යම් සුබවාදි තත්වයක් ඇති වීමට ඉඩ තිබු බවයි.

" අධිකාරියම නේද මෝසමක් දාලා ගිය වතාවේ නඩුව කැඳෙවුවේ. ඊට පස්සෙනේ මහේස්ත්‍රාත්තුමා වුණත් හාමුදුරුවන්ව අත්අඩංඟුවට ගන්න නියෝග කළේ. ළමා රක්ෂකයේ නලධාරින්ට අවබෝධයක් තියෙන්න ඔනේ   ඊළඟ දවසට නඩුව කැඳවන කොට වෙන්න පුලුවන් දේ. ඒ නිසා  ඔවුන්ට තිබුණා සුදානමක් සහිතව උසාවියට ඇවිත් මේ දරුවා වෙනුවෙන් මහේස්ත්‍රාත්තුමාට කරුණු කියන්න . දැන් අපිට පේන විදිහට මේ දරුවා තනි වෙලා," යැයි සිය  අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා සිටි එම නීතිඥවරයා පැවසීය.

ළමා ඇමතිනිය කෝ ?

‘කොන්දේසී විරහිතව’ තමන් සිටින්නේ සැකකාර හිමිනමගේ පැත්තේ නොව වින්දිත දැරියගේ පැත්තේ යැයි  කාන්තා හා ළමා කටයුතු විෂය භාර ඇමතිනිය වන සරෝජා පෝල් රාජ් මෙයට දින කිහිපයකට පෙර පවසා තිබුණ ද සැකකාර හිමිනමගේ නිර්දෝශිභාවය  වෙනුවෙන් දුසිම් ගණනක නීතිඥ පිරිසක් ඉදිරිපත් වන විට වින්දිත දැරිය වෙනුවෙන් ළමා රක්ෂක අධිකාරියේ එකදු නිලධාරිනියක හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කවර හේතුවක් මත සිදුවූවා දැයි පැහැදිලි කිරීම බලධාරින් සතු වගකීමක් යැයි අධිකාරියේ ඇතැමුන්ම පවසති.

 

ළමා  අපයෝජන චෝදනා ලත් අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නාහිමියන් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකරන බවට අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසින් පැවසීමෙන් පසුව ඒ හිමියන්  ඊයේ දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරමින් ලබා දුන් මුල් තීන්දුව බල රහිත ද, නොඑසේනම් ඇප මත නිදහස් ද යන වග පැහැදිලි නොවේ.එමෙන්ම ඊයේ දින අධිකරණයට හමුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන වෛද්‍ය වාර්තා ජාතික රෝහලෙන් නිකුත් කර ඇති එකක් ද, නොඑසේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් නිකුත් කළ එකක් ද යනුවෙන් නිසි කරුණු දැක්වීමක් සිදු නොවුණි.  අත්අඩංඟුවට ගැනීමේ නියෝගය නිකුත් කිරීමට පසුගිය 08 වනදා  නවලෝක රෝහලට ගිය කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් ඒ අවස්ථාවේදි නියම කරනු ලැබුවේ සැකකාර හිමිනම වහාම කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට හෝ මාරුකර හරින ලෙසයි .

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...