ජනවාර්ගික හෝ ආගමික අනන්‍යතාවයන් නොසලකමින්, විමුක්තිය සොයා යන, නැතිනම් බෞද්ධ දර්ශනය සහ පරිචය තුළින් ආධ්‍යාත්මික සුවයක් සොයන සෑම සියලු දෙනෙකුම වෙනුවෙන් නිහඬ මෙහෙයක් ඉෂ්ට කරමින් පවතී.
එය බෞද්ධ ආභාෂය සමගින් හැදී වැඩුණු කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික බෞද්ධයන්ට මෙන්ම, බෞද්ධ හරයන් පිළිබඳව උනන්දු වන කැනේඩියානුවන් සහ අනෙකුත් ප්‍රජාවන් හටද බෞද්ධ ධර්මය වෙත මාර්ගෝපදේශය සපයන තෝතැන්නක් වී තිබේ.
අත්ලාන්තික් බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ලෙස සරලව හැඳින්වෙන අත්ලාන්තික් ථෙරවාද බෞද්ධ සංස්කෘතික හා භාවනා සංගමය, මෙවර වෙසක් පුන් පොහොය යෙදෙන මැයි මාසයේදී, දින දෙකක භාවනාවෙන්, ශීල සමාපත්තියෙන් සහ බොදු හැඟුමෙන් පිරිපුන් වූ වෙසක් වැඩසටහනක් පවත්වන්නට යෙදිණි.
අප මහ බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන වෙසක් පොහොය, ලොව පුරා බෞද්ධ දින දර්ශනයේ වඩාත්ම පූජනීය දිනයයි. ඒ අනුව, හැලිෆැක්ස්හි බෞද්ධ ලැදි ප්‍රජාව වෙනුවෙන්, මැයි 2 සහ 3 සති අන්තය පුරා පැවැත්වුණු මෙම වැඩසටහන, මැයි 2 සෙනසුරාදා ළමුන් සඳහා වන ශීල ව්‍යාපාරයකින් සහ සංස්කෘතික දිනයකින් ආරම්භ වී, ඉරිදා දිනයේදී සියලුම දෙනා සඳහා පැවැත්වුණු ප්‍රධාන ශීල සමාදාන වැඩසටහනකින් අවසන් විණි.
සෙනසුරාදා පැවති සංස්කෘතික උත්සවය මගින්, අත්ලාන්තික් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට පැමිණි ප්‍රජාවේ සියලුම සාමාජිකයින්ට මනා සංස්කෘතික අත්දැකීමක් ලබාදුන් අතර, සවස 4:00 ට ඇරඹුණු ළමුන් සඳහා වූ ශීල සමාදාන වැඩසටහන මගින්, සහභාගී වූ ළමා සහ නවයොවුන් සාමාජිකයින් සඳහා බෞද්ධ ප්‍රතිපදාව වෙත පිවිසුමක් ලබාදුණි, ඉන්පසුව එදින පසුව බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසු, භක්ති ගීත ගායනාවන්ගෙන් රසවත් වූ සංස්කෘතික අංගයක් පැවැත්වුණි. එය, පොල් රොටි, පාන් සහ සව් ඇතුළත් දන්සලකින් ද සමන්විත වූ අතර, ඒ ඔස්සේ බුදු දහම තුළ උගැන්වෙන පරිත්‍යාගය, දානය මෙන්ම අත්හැරීමද පිළිබිඹු කෙරිණි.
වැඩසටහනේ දෙවන දිනය වූ ඉරිදා, ධර්මය ගැඹුරින් අභ්‍යාස කිරීමට ඉඩ අවකාශ ලබා දුන් දිනයක් ලෙසට දිග හැරිණි. එදින, පෙ.ව. 8:00 ට සීල සමාදන් වීමෙන් ආරම්භ වූ වැඩසටහන, බුද්ධ පූජාවෙන් සහ සහ උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව තවත් ධර්ම අභ්‍යාසයන් වෙත විහිදුණි. ඒ අනුව ධර්ම දේශනා තුනක්, බුද්ධානුස්සති භාවනා වැඩීමක්, පිරිත් සජ්ඣායනා කිරීමක් සහ පිණ්ඩපාතයේ වැඩීමක් සිදුවුණි. මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජ්‍ය වාරුකන්දෙණියේ පියරතන හිමි, පූජ්‍ය දික්වැල්ලේ සුධම්ම හිමි සහ පූජ්‍ය මිණිපේ සෝරත හිමි විසින් එම ධර්ම දේශනා පවත්වන ලදී. එසේම මධ්‍යස්ථානයේ අධිපති තනතුර උසුලන, පූජ්‍ය බඳගිරියේ සිරිනන්ද හිමි විසින් වැඩසටහන වෙත අධ්‍යාත්මික නායකත්වය ලබා දෙන ලදී.
මෙම වසරේ නෝවා ස්කෝටියා වෙසක් සැමරුම්වලට අමතර වැදගත්කමක් එක්වී තිබුණි. එනම්, නෝවා ස්කොටියා ප්‍රධාන ඇමති ටිම් හූස්ටන් විසින් 2026 මැයි 1 වන දින, පළාතේ වෙසක් දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. ඒ අනුව, වෙසක් උත්සවය යනු බෞද්ධ හෝ ශ්‍රී ලාංකේය සංස්කෘතික සීමාවන් ඉක්මවා යන, ඉවසීම, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය සංකේතවත් කරන ආගමික උත්සවයක් ලෙසින් නෝවා ස්කෝටියා ප්‍රාන්තය තුළද පිළිගැනීමක් ලබා ඇත.
2015 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලද මෙම අත්ලාන්තික් බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, නෝවා ස්කොටියා, නිව් බ්‍රන්ස්වික්, ප්‍රින්ස් එඩ්වඩ් දූපත සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හා ලැබ්‍රඩෝ හරහා ජනප්‍රජාවන් වෙත, සිය බෞද්ධ ඉගැන්වීම් වලින් ශික්ෂණය වූ සහෝදරත්වයේ දෑත් දිගු කරමින් වසර එකොළහක් ගත කර තිබෙන අතර, බෞද්ධ ප්‍රජාවන් සහ දේශීය කැනේඩියානුවන් යන දෙපාර්ශවයම මගින් අත්ලාන්තික් බෞද්ධ භාවනා මධ්‍යස්ථානය සාදරයෙන් පිළිගෙන තිබේ. අත්ලාන්තික් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ දෙදිනක් පුරා පැවැත්වුණු මෙම හැලිෆැක්ස් වෙසක් 2026 උත්සවය යනු, බොහෝ ආකාරවලින්, මෙම භාවනා මධ්‍යස්ථානය කොතරම් දුරට වර්ධනය වී තිබෙන්නේද යන්න මොනවට පිළිබිඹු කර දේ.
- පැතුම් පුංචිහේවා