The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක් - මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ කියයි

T

The Leader Desk

May 13, 2026 • 9:30 AM

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක් -  මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතකාලීනව මෙරට ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ මෙරට ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි එල්ල වී ඇති බලපෑම පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
  • ඒ අනුව, මෑතකාලීන දත්තවලට අනුව, මෙරට නිවාස ඒකක 180කට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් 320,000ක් පමණ වේ.
  • මෙය මුළු පාරිභෝගික සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 4ක් පමණ වන අතර, විදුලි ගාස්තු ඉහළ යාමෙන් සෘජුවම බැටකන කණ්ඩායම වන්නේ මොවුන්ය.
  • මීට අමතරව, කාර්මික, සේවා සහ රාජ්‍ය අංශයේ පාරිභෝගිකයින් ද සැලකූ විට, සමස්ත පාරිභෝගිකයින්ගෙන් සියයට 7ක් පමණ මෙම ගාස්තු ඉහළ යාම නිසා සෘජුවම සිය මාසික විදුලි බිල ඉහළ යාමේ ගැටලුවට මුහුණ දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


මෑතකාලීනව මෙරට ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ මෙරට ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි එල්ල වී ඇති බලපෑම පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව, මෑතකාලීන දත්තවලට අනුව, මෙරට නිවාස ඒකක 180කට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් 320,000ක් පමණ වේ. මෙය මුළු පාරිභෝගික සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 4ක් පමණ වන අතර, විදුලි ගාස්තු ඉහළ යාමෙන් සෘජුවම බැටකන කණ්ඩායම වන්නේ මොවුන්ය.

 මීට අමතරව, කාර්මික, සේවා සහ රාජ්‍ය අංශයේ පාරිභෝගිකයින් ද සැලකූ විට, සමස්ත පාරිභෝගිකයින්ගෙන් සියයට 7ක් පමණ මෙම ගාස්තු ඉහළ යාම නිසා සෘජුවම සිය මාසික විදුලි බිල ඉහළ යාමේ ගැටලුවට මුහුණ දෙති.

 

සෘජු බලපෑමට අමතරව, විදුලි ගාස්තු ඉහළ යාම සෑම ආර්ථික කටයුත්තකටම බලපාන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මධ්‍යම සහ මහා පරිමාණ නිෂ්පාදන ආයතන මෙන්ම සේවා සපයන ආයතනවල නිෂ්පාදන සහ ගබඩා කිරීමේ පිරිවැය විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ඉහළ යයි. මෙලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වෙළඳපල තුළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන අතර, එය අවසානයේ පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව පහළ හෙළීමට හේතු වේ.

 

මෙලෙස ආයෝජන ධාරිතාව පහත වැටීම නිසා රැකියා උත්පාදනය අඩාල වීමට මෙන්ම පවතින රැකියා පවා අහිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔහු අනතුරු අඟවයි.

මෙම සංශෝධනයේදී ඒකක 180ට වඩා අඩුවෙන් භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා විදුලි ගාස්තු වැඩි නොකිරීමට රජය පියවර ගෙන ඇත. ඒ සඳහා රුපියල් බිලියන 15ක මුදලක් මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා වෙන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අපනයන, සංචාරක සහ විදේශ ප්‍රේෂණ කෙරෙහි බලපෑම් එල්ල වී ඇති මොහොතක, දේශීය වශයෙන් විදුලි හා ඉන්ධන මිල ඉහළ යාම යහපත් තත්ත්වයක් නොවන බව මහාචාර්යවරයාගේ මතයයි.

දේශීය විදුලි මිල පහත දැමීමට නම් නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකි නව බලශක්ති ප්‍රභවයන් වෙත මාරු විය යුතු අතර බෙදා හැරීමේදී සිදුවන නාස්තිය වළක්වා ගත යුතුය. මේ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වන අතර, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් අරමුණක් වන්නේ ද මෙම ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි.

එහෙත් වත්මන් ප්‍රතිව්‍යුහගතකරණය තුළින් එම අපේක්ෂාවන් කෙතරම් දුරට සාර්ථක වේද යන්න තවමත් අපැහැදිලි බව ඔහු පවසයි.

 

ආර්ථිකය වේගවත්ව වර්ධනය කිරීමට නම් විදේශ වෙළඳාම මත පදනම් වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතු බවත්, නව වෙළඳපල අවස්ථා සොයා ගැනීම සඳහා ද්වි-පාර්ශ්වීය සහ කලාපීය වෙළඳ ගිවිසුම්වලට ඇතුළත් වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් අවධාරණය කරයි.


(සටහන | ජේ.මුණසිංහ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...