The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

ඇමති නලින්ද, මාධ්‍යවේදීන්ට 'බෝලය පාස් කරයි' !

T

The Leader Desk

May 13, 2026 • 3:47 PM

ඇමති නලින්ද, මාධ්‍යවේදීන්ට 'බෝලය පාස් කරයි' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
  • අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (21st Asia Media Summit - AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට (High-Level Ministerial Session) එක්වෙමිනි.
  • "Maldives 2.0: From Tradition to Tech" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් මානව පරිණාමයේ ස්වාභාවික ප්‍රතිඵලයක් බැවින් ඒවා දෙස බියෙන් බැලිය යුතු නොවන බවයි.
  • ඒ වෙනුවට එම තාක්ෂණයන් මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, වගකීම් සහගතව වැළඳගැනීම අත්‍යවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (21st Asia Media Summit - AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට (High-Level Ministerial Session) එක්වෙමිනි.

"Maldives 2.0: From Tradition to Tech" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් මානව පරිණාමයේ ස්වාභාවික ප්‍රතිඵලයක් බැවින් ඒවා දෙස බියෙන් බැලිය යුතු නොවන බවයි. ඒ වෙනුවට එම තාක්ෂණයන් මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, වගකීම් සහගතව වැළඳගැනීම අත්‍යවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්න යන නව ජාතික මාධ්‍ය ප්‍රතිපතිය !

ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ අමාත්‍යවරයා, එම ප්‍රතිපත්තිය ප්‍රධාන කුළුණු තුනක් මත පදනම් වන බව පැහැදිලි කළේය.

එනම්:
* මාධ්‍ය නිදහස තහවුරු කිරීම,
* ඩිජිටල් යුගය තුළ පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම සහ
* මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම හරහා වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම යන කරුණුයි.


සම්ප්‍රදායික හා ඩිජිටල් මාධ්‍ය අතර පවතින සබඳතාවය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ක්ෂේත්‍ර දෙක එකිනෙකා සමඟ තරග කරන්නන් ලෙස නොව, සත්‍ය හා වගකීම් සහගත පුවත් ජනගත කිරීමේදී අත්වැල් බැඳගත යුතු සහකරුවන් ලෙස ක්‍රියා කළ යුතු බවයි.

කලාපීය සහකරුවන් සමඟ එක්ව මහජන සුබසිද්ධිය උදෙසා කැපවුණු, අනාගතයට සූදානම් ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සඳහා කලාපීය රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය, ටිමෝර් ලෙස්තේ රජයේ සමාජ සන්නිවේදන පිළිබඳ රාජ්‍ය ලේකම් සහ මාලදිවයිනේ තොරතුරු හා කලාව පිළිබඳ අමාත්‍ය ඉබ්‍රාහිම් ඉෂාම් ද මෙහිදී අදහස් දැක්වූහ. මීට අමතරව බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් ඉන්ද්‍ර මණි පාන්ඩේ සහ සාර්ක් (SAARC) මහලේකම් එම්.ඩී. ගොලාම් සර්වර් ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූහ.

මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) පසුගිය 11වනදා ආරම්භ වු 21 වන ආසියානු මාධ්‍ය සමුළුව හෙට (14) දින දක්වා පැවැත්වෙන අතර මෙම සමුළුව  සඳහා ආසියානු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය වෘත්තිකයින්, සන්නිවේදන පර්යේෂකයින්, නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටී.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...