රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව, ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපිත කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේබව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකදීය.
කලින් පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන තනතුරු බෙදා දීම පක්ෂ දේශපාලනය මත පදනම් වූ නමුත් වත්මන් රජය එම ක්‍රමය වෙනස් කර ඇති බවද ලේකම්වරයා පැවසීය.
ටිල්වින් සිල්වා මෙසේද පැවසීය.
“අපි බලයට ආවේ රාජ්‍ය ආයතනවල තනතුරු ඔක්කොටම අපේ පක්ෂයේ කට්ටිය දාගන්න නෙවෙයි. අපිට ඕන කරන්නේ ඒ තැන්වලට හැකියාව තියෙන අය දාගන්න. එතකොට අපි එයාගේ දේශපාලන පක්ෂය මොකක්ද කියලා හොයන්න යන්නේ නැහැ,”
වත්මන් රජය යටතේ ක්‍රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂයන් පත් කර ඇති ආකාරය ඔහු නිදසුන් ලෙස පෙන්වා දුන්නේය.
රජයක් ලෙස සියලු දේ තමන් පමණක් දන්නා බව සිතීම මුලාවක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා, ඕනෑම ක්ෂේත්‍රයක සිටින දක්ෂතම පුද්ගලයාගේ සහාය ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව කියා සිටියේය.
( lankalokaya | අසේල පෙරේරා )




