The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

නාගානන්දගෙන් අජිත් පෙරේරා අහපු ප්‍රශ්නෙට කන්ටේනර් කමිටුව රත්වෙයි

T

The Leader Desk

May 14, 2026 • 3:46 AM

නාගානන්දගෙන් අජිත් පෙරේරා අහපු ප්‍රශ්නෙට කන්ටේනර් කමිටුව රත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ගාලගෝට්ටිය මැද මන්ත්‍රී අජිත් පෙරේරා සිය අසුනින් නැගිට පිටව යෑමට සූදානම්ව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
  • සිද්ධිය ඇතිවී තිබුණේ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකය ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු ගෙන් කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදීය.
  • මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්" අපිට මේ කමිටුවේ ප්‍රශ්න කිරීමේ අයිතියවත් නැද්ද.
  • එහෙම නැත්නම් අපි මොකටද මේ කමිටුවට එන්නේ" යනුවෙන් මහ හඬින් විරෝධය පළ කර ඇති බව දැනගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ගාලගෝට්ටිය මැද මන්ත්‍රී අජිත් පෙරේරා සිය අසුනින් නැගිට පිටව යෑමට සූදානම්ව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

සිද්ධිය ඇතිවී තිබුණේ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකය ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු ගෙන් කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී මන්ත්‍රී නීතිඥ අජිත්.පී පෙරේරා ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කන්ටේනර් කඩිනමින් නිදහස් කරන ලෙසට ජනාධිපතිවරයා සහ ඇමතිවරයා උපදෙස් දුන් බවට සදහන් නිවේදනය අනුව මෙලෙස කඩිනමින් නිකුත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙහිදී නාගානන්ද ගෙන් විමසු අවස්ථාවේ ඉන් අදහස් වන්නේ නීති විරෝධීව නිදහස් කිරීම යනුවෙන් පිළිතුරු දී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

මේ ආකාරයට ප්‍රශ්න ඇසීම වැරදි යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිගින් දිගටම හඩ නැගීමෙන් මෙම උණුසුම් තත්ත්වය මතුවී තිබිණ.

මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්" අපිට මේ කමිටුවේ ප්‍රශ්න කිරීමේ අයිතියවත් නැද්ද. එහෙම නැත්නම් අපි මොකටද මේ කමිටුවට එන්නේ" යනුවෙන් මහ හඬින් විරෝධය පළ කර ඇති බව දැනගන්නට ඇත.

කොළඹ වරායෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.

නාගානන්ද කොඩිතුවක්කු ගෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරුණු බව වාර්තාවේ.

| lankadeepa
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...