විමර්ශනවලදී මෙම මුදල් ආසියානු රටකින් ආරම්භ වූ විද්‍යුත් වංචා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ ඉන්ටර්පෝල් ජාතික මධ්‍යම කාර්යාල සමඟ ඒකාබද්ධවය.
ඕමාන් රාජකීය පොලීසිය පවසන්නේ, දේශසීමා හරහා සිදුවන සයිබර් අපරාධ මැඩපැවැත්වීම සහ සයිබර් වංචා ජාලවලට සම්බන්ධ සැකසහිත මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අඛණ්ඩ උත්සාහයක කොටසක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
ඕමානය සහ ඉන්ටර්පෝල් අතර සිදු වූ සම්බන්ධීකරණ සහයෝගීතාව හේතුවෙන්, එම මුදල් මාරු කිරීමට පෙර හඳුනාගෙන නතර කිරීමට විමර්ශකයන්ට හැකි වූ බව බලධාරීහු සඳහන් කළහ.
සයිබර් තාක්ෂණය භාවිත කරමින් සිදුකරන වඩාත් සංකීර්ණ මූල්‍ය අපරාධවලට මුහුණදීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ කාර්යක්ෂමතාවද එමඟින් පෙන්නුම් වන බව සඳහන් වේ.
දේශසීමා හරහා සිදුවන විද්‍යුත් වංචා මැඩපැවැත්වීම, සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ඕමාන් රාජ්‍යයේ බැංකු හා මූල්‍ය පද්ධතිවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා කලාපීය සහ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද ඕමාන් රාජකීය පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




