The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

‘මේ කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ’ - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස්

T

The Leader Desk

May 14, 2026 • 10:35 AM

‘මේ කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ’ - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නඩුව විභාග කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේය.
  • එසේම මෙම පෙත්සම්කාරියට දරුවා සහ සැමියා බැලීම සඳහා විදේශගත වීමට ලබාදුන් විශේෂ අවසරය, අධිකරණය තැබූ විශ්වාසයට පටහැනි ලෙස භාවිත කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුනී.
  • අදාළ පෙත්සම්කාරිය වන නිපුණි අත්තනායක නැමැත්තිය, වගඋත්තරකරු වන විරාජ් ගුණතිලක ට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා තිබූ අතර, පසුව ඇය වෙනත් විවාහයකටද ඇතුළත්ව සිටින බව අධිකරණයේදී අනාවරණය විය.
  • කෙසේවෙතත්, නියමිත දිනයේදී ඇය යළි අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අද නඩුව කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ අතර, එය අධිකරණය ලබාදුන් සහනය අවභාවිත කිරීමක් බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම නඩුව විභාග කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේය.
 
 
එහිදී විවෘත අධිකරණයේදී අදහස් දක්වමින් මෙම  පෙත්සම්කාරිය ක්‍රියාකල ඇති ආකාරය පිළිබඳ අදහස් දක්වමින් විනිසුරු දිලිප් නවාස් - විලියම් ශේක්ස්පියර් (William Shakespeare) ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් “ මේ කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ” යනුවෙන් සදහන් කළ අතර කාන්තාවන්ට සහ මව්වරුන්ට  අධිකරණය සාධාරණ සහන ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් මෙම පෙත්සම්කාරිය එය අවභාවිතා කර ඇති බවත් පැවසීය.
 
 
එසේම මෙම පෙත්සම්කාරියට දරුවා සහ සැමියා බැලීම සඳහා විදේශගත වීමට ලබාදුන් විශේෂ අවසරය, අධිකරණය තැබූ විශ්වාසයට පටහැනි ලෙස භාවිත කර ඇති බවද ඔහු වැඩිදුරටත්  පෙන්වා දුනී.

අදාළ පෙත්සම්කාරිය වන නිපුණි අත්තනායක නැමැත්තිය, වගඋත්තරකරු වන විරාජ් ගුණතිලක ට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා තිබූ අතර, පසුව ඇය වෙනත් විවාහයකටද ඇතුළත්ව සිටින බව අධිකරණයේදී අනාවරණය විය.

දරුවා සහ සැමියා බැලීම සඳහා ඩුබායි වෙත යෑමට ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර, සතියක කාලයක් තුළ යළි මෙරටට පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටින බවට ලබාදුන් පොරොන්දුව මත ඇයට එම සහනය ලබාදී තිබිණි.

කෙසේවෙතත්, නියමිත දිනයේදී ඇය යළි අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අද නඩුව කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ අතර, එය අධිකරණය ලබාදුන් සහනය අවභාවිත කිරීමක් බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඒ අනුව, ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසද වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...