එම දඬුවම අවලංගු කර තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ හිමිනම ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මෙම තීන්දුව ලබා දී ඇත.
අභියාචනාධිකරණ විනිසුරු පී. කුමරන් රත්නම් විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ එකඟතාව ද හිමිව තිබිණි.
2016 මැයි 06 සිට මැයි 21 දක්වා කාලය තුළ බාලවයස්කාර සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබූ අතර, සිද්ධිය වන අවස්ථාවේ වින්දිත සාමණේර හිමිනම වයස අවුරුදු 9ක් වූ බව ද අධිකරණ තීන්දුවේ සඳහන් වේ.
තවද, පැවිදි වූ පසු දිනම මෙම අවාසනාවන්ත සිදුවීමට එම බාලවයස්කාර සාමණේර හිමිනම මුහුණ දී ඇති බව ද තීන්දුවේ වැඩිදුරටත් දැක්වේ.
වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි - ඕමල්පේ සෝභිත නාහිමි
කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කළ යුතු බව රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
ශාසන සංශෝධන සඳහා සංගායනාවක් අවශ්‍ය බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
සෝභිත හිමියන් මෙසේ පැවසුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මහනාහිමිවරුන් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකා භික්‍ෂු සමාජයේ ඛේදජනක සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල අත්දුටු බවත් මේවා මුල් කරගෙන සමස්ත භික්‍ෂු සමාජයටම අපහාස කරන තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් සෝභිත හිමියෝ කීහ.
එය වැරදි බව කී උන්වහන්සේ එක්කෙනෙකු දෙන්නෙකු කරන වැරදි වලට සමස්ත භික්ෂු සමාජයම වගකිවයුතු නැතැයිද ප්‍රකාශ කළහ.
සෝභිත හිමියෝ මෙසේද පැවසුවේය
එක් කෙනෙකු දෙන්නෙකු කරන වැරදි වලට සියලුම භික්ෂූන් වහන්සේලාට දොස් නැගීම වැරදියි. කළ යුත්තේ වැරදි කරන අයට එරෙහිව ධර්මානුකූලව ඉදිරි පියවර ගන්න එක. මහා නා හිමිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රජයට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කරන්න.
වැඩිදුරටත් විස්තර :
දිනකට පෙර පැවිදි වූ සාමණේර හිමිනමකට 'බරපතළ ලිංගික අපයෝජනයක්' කළ භික්ෂුවකට අධිකරණය දුන් තීන්දුව




