The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස වටලයි

T

The Leader Desk

May 14, 2026 • 4:16 PM

බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස වටලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.
  • වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව' මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.
  • එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.
  • අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව' මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.

එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.

අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

ඒ මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබූ පසුබිමකය.

පසුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළේය.

අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය.

පසුව මෙම නිවයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.

එම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර තිබේ.

| aruna

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...