The Leader News
BREAKING
Top Ad
පුවත්

සජිත්ගෙන් අනුරට ඇමතුමක්

T

The Leader Desk

May 23, 2026 • 7:22 AM

සජිත්ගෙන් අනුරට ඇමතුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, ඊට ඉදිරි දින කිහිපය තුළ සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත අතර විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ.
  • එමෙන් ම, රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ද විපක්ෂයේ දේශපාලන පක්ෂ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර තිබේ.
  • කතානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊයේ (මැයි 22) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.
  • මෙහිදී ඔවුන් කතානායකවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ඊට ඉදිරි දින කිහිපය තුළ සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත අතර විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ..

එමෙන් ම, රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ද විපක්ෂයේ දේශපාලන පක්ෂ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර තිබේ.

කතානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊයේ (මැයි 22) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

මෙහිදී ඔවුන් කතානායකවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.

“රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇත. අපට පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැත. අද අනෙකුත් පක්ෂ නායකයින් සමග එක්ව කතානායකවරයා හමුවී පවතින අර්බුදය පිළිබඳ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියෙමු. තත්ත්වය නරක අතට හැරීමට පෙර ජනතාවට අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වෙයි.” ලෙස විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සටහනක් තබා ඇත.

sajith post

( mawbima | Anuradha Herath)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...