ඇතැයි පොලිසිය පවසයි.
කපිල චන්ද්‍රසේන එම තැරැව්කරුවන් මේ සඳහා සම්බන්ධ කරගෙන ඇත්තේ බන්ධනාගාර නියාමකවරයකු හරහා යැයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එක් දිනක් හෝ තවත් බන්ධනාගාරගතව සිටීමට ඇති අකමැත්ත නිසා මෙසේ ඇප ලබා ගැනීමට කපිල චන්ද්‍රසේන උත්සාහ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
අපරාධ ස්ථානයේ තිබී හමු වූ කොටස් රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බවත් එයින් එක් වාර්තාවක් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට මේ වන විට ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




