The Leader News
BREAKING
Top Ad
පුවත්

ළමා අධිකාරියේ අධ්‍යක්ෂිකාවට එල්ල වන මඩ ප්‍රහාර හෙළා දකිනවා: රයිට් ටු ලයිෆ් කියයි

T

The Leader Desk

May 23, 2026 • 4:23 PM

ළමා අධිකාරියේ අධ්‍යක්ෂිකාවට එල්ල වන මඩ ප්‍රහාර හෙළා දකිනවා: රයිට් ටු ලයිෆ් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එල්ල වන අපහාසාත්මක මඩ ප්‍රහාර සහ වාචික ලිංගික හිංසනය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය දැඩිව හෙළා දැක තිබේ.
  • එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, අනුරාධපුර ප්‍රදේශයේදී ප්‍රබල ආගමික නායකයෙකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය සම්බන්ධ නඩුවේදී අධිකරණය හමුවේ සෘජුව සහ නිර්භීතව කරුණු දැක්වූ රාජ්‍ය නිලධාරිනියක ලෙස නීතිඥ සජීවනී අබේකෝන් සිය වගකීම ඉටු කළ බවයි.
  • සැකකරු සතු බව කියන සමාජ බලපෑම් හමුවේ ඇතැම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පවා පසුබෑමකට ලක්ව තිබූ පසුබිමක, ඇය කළ මැදිහත්වීම අගය කරන බවද එම නිවේදනයේ දැක්වේ.
  • කෙසේවෙතත්, අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව ඇයගේ චරිතයට හානි වන ආකාරයේ ප්‍රකාශ පළ කරමින් සිටින බවත්, ඒවා “වාචික ලිංගික හිංසනයක්” සහ සාපරාධී බිය ගැන්වීමක් ලෙස හඳුනාගන්නා බවත් 'රයිට් ටු ලයිෆ්'සංවිධානය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එල්ල වන අපහාසාත්මක මඩ ප්‍රහාර සහ වාචික ලිංගික හිංසනය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය දැඩිව හෙළා දැක තිබේ.

එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, අනුරාධපුර ප්‍රදේශයේදී ප්‍රබල ආගමික නායකයෙකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය සම්බන්ධ නඩුවේදී අධිකරණය හමුවේ සෘජුව සහ නිර්භීතව කරුණු දැක්වූ රාජ්‍ය නිලධාරිනියක ලෙස නීතිඥ සජීවනී අබේකෝන් සිය වගකීම ඉටු කළ බවයි.

සැකකරු සතු බව කියන සමාජ බලපෑම් හමුවේ ඇතැම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පවා පසුබෑමකට ලක්ව තිබූ පසුබිමක, ඇය කළ මැදිහත්වීම අගය කරන බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත්, අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව ඇයගේ චරිතයට හානි වන ආකාරයේ ප්‍රකාශ පළ කරමින් සිටින බවත්, ඒවා “වාචික ලිංගික හිංසනයක්” සහ සාපරාධී බිය ගැන්වීමක් ලෙස හඳුනාගන්නා බවත් 'රයිට් ටු ලයිෆ්'සංවිධානය පවසයි.

එමෙන්ම, නීතිඥවරියට එරෙහිව එල්ල වන චරිත ඝාතන සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අපක්ෂපාතී විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතු බවද එම සංවිධානය අවධාරණය කරයි.

ඊට අමතරව, මෙම ප්‍රකාශ සඳහා මූලාශ්‍ර සැපයූ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම කඩිනම් පරීක්ෂණයක් සිදුකර විනය පියවර ගත යුතු බවද ඔවුහු ඉල්ලා සිටිති.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික කාන්තා කොමිසම මැදිහත් වී නීතිඥ සජීවනී අබේකෝන්ගේ වෘත්තීය ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රායෝගික පියවර ගත යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට "කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට'' සිදුවූ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීනීඥ සජීවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවාය. ඒ, බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුකාරය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.


(සටහන | ගිම්හාන් ද සිල්වා )

සබැඳි පුවතක් :
'කෙවිටක් අරගෙන පොලිසිය පස්සෙන් යන්න සිද්ධ වුණා' - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

sdfserer

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...