The Leader News
BREAKING
Top Ad
පුවත්

වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක කර පියාට ආරක්ෂාව සලසන්නැයි ඉල්ලීමක්

T

The Leader Desk

May 24, 2026 • 4:34 AM

වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක කර පියාට ආරක්ෂාව සලසන්නැයි ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංවිධානය පවසන්නේ, දැරියගේ පියා ඇතුළු පාර්ශ්වය දැඩි ආර්ථික හා සමාජීය අසරණභාවයක පසුවන බැවින්, ඔවුන්ට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.
  • 'ගැමි කාන්තා පෙරමුණේ' ප්‍රජා නීති සහාය ඒකකය (CLSU) නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නීතීඥ මනෝජා ගුරුගේ, නීතීඥ හෂානි පතිරණ ඇතුළු නීතීඥ කණ්ඩායමක් 2026 මැයි 22 දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටියහ.
  • නඩු විභාගයේදී වගඋත්තරකාර පාර්ශ්වය ඔවුන්ගේ නීතිමය පෙනී සිටීම අභියෝගයට ලක් කළ ද, වින්දිත දැරියගේ අයිතිවාසිකම් සහ මහජන උනන්දුව පදනම් කරගනිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට එම නීතීඥ කණ්ඩායම සමත් වී ඇත.
  • නඩු විභාගයෙන් අනතුරුව 'ගැමි කාන්තා පෙරමුණ' නිකුත් කළ සටහනක සඳහන් වන්නේ, “අපි හරි දුප්පත්.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සංවිධානය පවසන්නේ, දැරියගේ පියා ඇතුළු පාර්ශ්වය දැඩි ආර්ථික හා සමාජීය අසරණභාවයක පසුවන බැවින්, ඔවුන්ට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

'ගැමි කාන්තා පෙරමුණේ' ප්‍රජා නීති සහාය ඒකකය (CLSU) නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නීතීඥ මනෝජා ගුරුගේ, නීතීඥ හෂානි පතිරණ ඇතුළු නීතීඥ කණ්ඩායමක් 2026 මැයි 22 දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී වගඋත්තරකාර පාර්ශ්වය  ඔවුන්ගේ නීතිමය පෙනී සිටීම අභියෝගයට ලක් කළ ද, වින්දිත දැරියගේ අයිතිවාසිකම් සහ මහජන උනන්දුව පදනම් කරගනිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට එම නීතීඥ කණ්ඩායම සමත් වී ඇත.

නඩු විභාගයෙන් අනතුරුව 'ගැමි කාන්තා පෙරමුණ' නිකුත් කළ සටහනක සඳහන් වන්නේ, “අපි හරි දුප්පත්. අලි ගහන පැත්තක ජීවත් වෙන්නෙ” යනුවෙන් දැරියගේ පියා තමන් වෙත දැඩි සංවේගයෙන් කරුණු පැවසූ බවයි.

ඒ අනුව වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක ලෙස නම් කිරීමත්, පියා සහ පවුලේ පාර්ශවයට සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මඟින් වහාම ආරක්ෂාව සැලසීමත් අත්‍යවශ්‍ය බව එම සංවිධානය අවධාරණය කරයි.

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේ ය. මෙසේ නියම කළේ, මෙම සිද්ධියට අදාළ නඩුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මැයි 22 වෙනිදා යළි කැඳවූ අවස්ථාවේදී ය.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...