ඒ අනුව මිල අධික නවතම ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක මිල රුපියල් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, රුපියල් 7000 ට අඩු ජංගම දුරකථනයක මිල රුපියල් 500කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එම සංගමය සඳහන් කරයි.
''මේ වන විට මෙරට වෙළෙඳ පොළේ තිබෙන ජංගම දුරකථන වල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා, ඩොලරයේ අගය වැඩිවීම පමණක් ඊට සෘජුව බලපා නැහැ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජංගම දුරකථන නිෂ්පාදනයේදී යොදා ගනු ලබන "මෙමරි වල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව ජංගම දුරකරන නැව්ගත කිරීමේ ගාස්තු ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එම හේතූන් මත ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා" යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරන් පැවසීය.
"මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව ජංගම දුරකථන මිලදී ගැනීමේ අඩුවක්ද තිබෙනවා. දිනකට ජංගම දුරකථන 100 ක් පමණ අලෙවි කළ වෙළෙඳසලක මේ වන විට දිනකට අලෙවි වන්නේ ජංගම දුරකථන 80ක් පමණයි. ඒ අනුව ජංගම දුරකථන මිලදී ගැනීමද මේ වන විට 20% කින් පමණ අඩු වී තිඛෙනවා " යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
(aruna | ඉෂාර රත්නකාර)
'හලෝ' මිල නගී ඉල්ලුම බසී
T
The Leader Desk
May 24, 2026 • 4:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ අනුව මිල අධික නවතම ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක මිල රුපියල් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, රුපියල් 7000 ට අඩු ජංගම දුරකථනයක මිල රුපියල් 500කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එම සංගමය සඳහන් කරයි.
- එම හේතූන් මත ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා" යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරන් පැවසීය.
- දිනකට ජංගම දුරකථන 100 ක් පමණ අලෙවි කළ වෙළෙඳසලක මේ වන විට දිනකට අලෙවි වන්නේ ජංගම දුරකථන 80ක් පමණයි.
- ඒ අනුව ජංගම දුරකථන මිලදී ගැනීමද මේ වන විට 20% කින් පමණ අඩු වී තිඛෙනවා " යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



