The Leader News
BREAKING
Top Ad
පුවත්

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : නිට්ටඹුව පොලිසියේ ක්‍රියාකලාපය ගැන ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

T

The Leader Desk

May 24, 2026 • 5:09 AM

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : නිට්ටඹුව පොලිසියේ ක්‍රියාකලාපය ගැන ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සාමූහිකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සහ බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පොලිසිය විසින් නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක කර නොමැති බවයි.
  • විශේෂයෙන්ම වින්දිත දැරිය විසින් අප්‍රේල් 10 වනදා ලබාදුන් ප්‍රකාශයට අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට, එම තොරතුරු ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් සඟවා තබාගෙන සති දෙකකට ආසන්න කාලයක් ප්‍රමාදයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල කර ඇත.
  • ඒ අනුව ගම්පහ සහ නිට්ටඹුව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයන්හි හැසිරීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් වහාම ආරම්භ කළ යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
  • එමෙන්ම, විමර්ශනවලට බලපෑම් එල්ල කළ බවට සැක කෙරෙන ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔවුන් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සාමූහිකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සහ බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පොලිසිය විසින් නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක කර නොමැති බවයි.

විශේෂයෙන්ම වින්දිත දැරිය විසින් අප්‍රේල් 10 වනදා ලබාදුන් ප්‍රකාශයට අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට, එම තොරතුරු ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් සඟවා තබාගෙන සති දෙකකට ආසන්න කාලයක් ප්‍රමාදයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල කර ඇත.

ඒ අනුව ගම්පහ සහ නිට්ටඹුව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයන්හි හැසිරීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් වහාම ආරම්භ කළ යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.

එමෙන්ම, විමර්ශනවලට බලපෑම් එල්ල කළ බවට සැක කෙරෙන ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔවුන් පවසයි.

“දිනන දකුණ” සාමූහිකය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සැකකරුගේ සමාජීය සහ ආගමික බලපෑම් හමුවේ වින්දිත දැරියට සහ ඇයගේ මවට උපරිම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් බවයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  
dd1dd2dd3

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : නිට්ටඹුව පොලිසියේ ක්‍රියාකලාපය ගැන ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි | The Leader