මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ජාතික රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පැමිණිල්ල සහ විමර්ශන
පසුගියදා රණවිරු ස්මාරක භූමියේ සිදුවූ බව කියන මෙම සිදුවීමට අදාළව තලංගම පොලිස් ස්ථානය වෙත මුලින්ම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන විසිනි.
එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ තලංගම පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින පොලිස් ස්ථානය කැඳවා තිබූ අතර, ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව විමල් වීරවංශ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරි නීතිමය පියවර
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ වනවිට තලංගම පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ආරක්ෂක හේතූන් මත පොලිස් ස්ථානය අවට ආරක්ෂාව ද තර කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමල් වීරවංශ ගේ පාර්ශවයෙන් හෝ ජාතික නිදහස් පෙරමුණෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.




