රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතුබවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරනු ලැබූ

සියලු දෙනාගේ සිවිල් අයිකිවාසිකම් අහෝසි කලයුතු බව සජබ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ, 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නොවැම්බර් 14 වැනිදා තීන්දු කළේය.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු විමසා තිබුණේ මෙම තීන්දුවත් සමග වගඋත්තරකරුවන්ට දඬුවම් නියම කිරීමක් හෝ ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමක් කළ හැකි ද යන්න පිළිබඳවය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය. 

 
රාජපක්ෂවරුන්ට දඬුවම් නියම කළ හැකි ද ?
 
'' මේ රට බංකොලෝත් කලේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ සැලසුම් කියලා, මේ රටේ උත්තරිතර ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දුන්නා. ගෝඨාභය රජපක්ෂ විනාශ වුනේ බදු සහන දුන්න නිසාලු. ගෝඨාභය බදු සහන කියලා කරේ ඔහුගේ ගජ මිතුරන්ට දෝල පිදේනි දිපු එක. ඇන්ටිජන් මාපියාව වෙන්න පුලුවන් ඖෂධ මාෆියාව වෙන්න පුලුවන්, කොරන්ටින් මාෆියාව වෙන්න පුලුවන් , 30 % බදු අධායම අඩු කරලා..අවුරුද්දට රජයේ ආධායම රුපියල් බිලියන හයදස් අටසියට අඩු කරලා තමයි බංකොලොත් කරේ.


'' එයාලට දඩුවම් නොදි හොහොමද ? අධිකරණ අමාත්‍යවරයෙක් ඉන්නවා. මම දන්නේ නෑ නීතිය මොකක්ද කියලා ..හැබැයි මේ අයට අපරාධ නඩු දලා ඔවුන්ගේ සිවිල් අයිකිවාසිකම් නැති කරන්න ඕන. ලක්ෂ දෙසිය විස්සක පුරවැසියන්ව නන්නත්තාර කරලා, රට බංකොලොත් කෙරුවේ මෙයාල..''

මම කොළඹ නගරයේ මන්ත්‍රී කෙනෙක් විදිහට දන්නවා අද වෙනකොට වේල් තුනක් කාපු මිනිස්සු කන්නේ වේල් දෙකයි. වේල් දෙකක් කාපු මිනිස්සු එක වේලයි. එක වේලක් කාපු මිනිස්සු ලෙවකන තත්වෙකට මේ වනවිට පත් වෙලා තියෙන්නේ.. ළමයි මරුවේන් මරුවට පාසල් යන්නේ. ළමයිට පාසල් යන්න විදිහක් නෑ. අවශ්‍ය පොත්පත් මිළදි ගන්න විදිහක් නෑ . මේ මාසේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් ලක්ෂ හයක කරන්ට් කපලා. දරිද්‍රතා ලේඛනයේ පවුල් ලක්ෂ 40 හිටියේ ..මේ වෙනකොට මොගොල්ලෝන්ගේ ආර්ථික දැක්ම හමුවේ එ සංඛ්‍යාව ලක්ෂ 70 ට වැඩි වෙලා තියෙනවා.
 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්