ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, නව ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් අනුමත කර ගැනීමේදී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී හා ඉඩමක්

මිලදී ගෙන එය ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීමේදී බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය ඉදිරිපත් කිරීම නීතියෙන් අනිවාර්යවන බව වැඩබලන දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධන පවසයි.

අදාළ කාර්යයන්වලදී බදු අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් මෙවර අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසිමකදී ඔහු එබව කියා සිටියේය.


අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී තීරණය කරන බව වැඩබලන දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් උපුල් ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ ය. 


කිසියම් පුද්ගලයෙකු බදු අංකයක් ලබා ගත පමණින් අදාළ පුද්ගලයා ආදායම් බදුවලට යටත් නොවන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්