යම් හෙයකින් ක්‍රීඩා අමාත්‍ය තනතුර තමාට හිමි වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත්

සමඟ එක්ව සාකච්ඡා කර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ගැටලු සතියක වැනි කාලයකින් විසඳා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි.

මේ මොහොතේදී ක්‍රීඩා අමාත්‍යධූරය භාර දිය යුතු සුදුසුම පුද්ගලයා එස් බි දිසානායක බව ජනාධිපතිවරයා තීරණය කළහොත් එම වගකීම ඉටු කිරීමට සූදානම් දැයි 'නෙත් නිවුස්' කළ විමසිමකදි මන්ත්‍රවරයා කියා සිටියේය.

 

පක්ෂයක් සමඟ පවතින ගැටලුව ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සහයෝගයෙන් විසඳා ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක තවදුරටත් පැවසිය.

 

රොෂාණ් රණසිංහ යම් ලෙසකින් ක්‍රීඩා අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් ඒ වෙනුවට එස්.බී.දිසානායක පත්කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා නිසා ඔහු මේ දිනවල දැඩි උද්යෝගයෙන් සිය දේශපාලන කටයුතු සිදු කරන බව ඔහුට හිතවත් ආරංචි මාර්ග හෙළි කරයි.


ඔහුගේ දුරකතනයටද සුභ පැතුම් ගලාගෙන එන බව asianmirror.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඒ පිළිබඳව දැනගැනීම සඳහා එස්.බි.දිසානායක මන්ත්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අපද උත්සාහ කල අතර එය ව්‍යර්ථ විය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්