leader s

යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියෙන් වඩාත් මෑත කාලයේ මතුවූ සමූහ මිනීවලේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ දෙවැනි දිනයේදී

පුද්ගලයන් දෙදෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

නොවැම්බර් 21 වැනිදා කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ මිනිස් අස්ථි සමග වෙඩි උණ්ඩ සහ බෝම්බ කොටස් ද හමුවු බවයි.

JMO Vasudeva

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව

"අද මිනිස් ඇටසැකිලි දෙකක් හාරලා ගත්තා. ඒ ඇට සැකිලි දෙක එක්ක වෙඩි උණ්ඩ, බෝම්බ කොටස් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් බවට සැක කරන අංක තහඩු හමු උනා. මේ ගැන වැඩි විස්තර පසුව දැනුම් දෙන්නම්."

පුද්ගලයන් දාහත් දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබියදී සැප්තැම්බර් 15 වැනි දා කැනීම් කටයුතු තාවකාලිකව නිමා කළ කොක්කුතොඩුවායි සුසානයේ කැනීම් මාස දෙකකට වැඩි කාලයකින් පසු නොවැම්බර් 20 වැනි සදුදා මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ කෙරුනි.

 

නොවැම්බර් 20 වැනි සඳුදා කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ සුසාන භුමියේ ප්‍රමාණය තීරණය කිරීම රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කිරීමට නියමිත බවයි.

 

"මිනී වළ සුද්දකරලා පස් සහ පොලීතින් ඉවත් කරලා කැනීම් කටයුතු ආරම්භ කළා. අධිකරණ නියෝගයට අනුව, මිනී වලේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා රේඩාර් උපකරණ භාවිතා කරලා මිනී වල පරීක්ෂා කිරීමට නියමිතයි. ඒක 23, 24 සහ 25 යන දිනවල සිදු කරනවා."

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

mass grave 334

mass grave k 23 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්