ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා

විසින් දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කළ දේශපාලන බලපෑම් හේතුවෙන් බවත් එම තහනම පැනවීමට සිය සේවාදායකයින් මැදිහත් වූ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද (නොවැම්බර් 22 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේය.


පෙත්සම යළි සළකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රීඩා පනතේ 32 වන වගන්තිය යටතේ ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීම සඳහා අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බලය ඉතා සීමිත බව පෙන්වා දුන්නේය.

xfge66"ස්වාමීනි... ජාතික ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩා සංවිධානය වෙත නොතීසි ලබාදිය යුතුයි. නමුත් ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමට පෙර එම නීතිමය ප්‍රතිපාදනය අමාත්‍යවරයා අනුගමනය කර නෑ. වග උත්තරකරු ඉදිරිපත් කළ විරෝධතාවල සඳහන් කර තිබෙනවා ක්‍රිකට් ආයතනයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කළ බව. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. කුසලා සරෝජිනි වීරවර්ධන නමින් විනිසුරුවරියක් අප දන්නා තරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටියේ නෑ. මෙවැනි දෝෂ සහගත තොරතුරු තමා වග උත්තරකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

"පෙත්සම නිෂ්ප්‍රභ කළයුතුයි"

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ "ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා කමිටුවක් පත් කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අමාත්‍යවරයා පත්කළ එම කමිටුව පිලිගත්තේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රාජ්‍ය හෝ දේශපාලනික මැදිහත්වීමක් සිදුවනවාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ වුණේ නෑ. ඒ නිසයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවැන්නක් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ලෙස කටයුතු කිරීම තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අපේක්ෂාව. එම කවුන්සිලය ක්‍රිකට් ආයතනයට සිදු කරන දේශපාලන මැදිහත්වීම් අනුමත කරන්නේ නෑ.”

w45dfgsd


“මේ ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදීම අනිසි මැදිහත් වීම සිදුකලා. එවැනි ක්‍රියා නොකරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිගින් දිගටම අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කළ අත්තනෝමතික මැදිහත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ප්‍රධාන හේතුවක් වුණා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට මේ වන විට අවසර ලැබී තිබෙනවා. " යැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය ලැබී නොමැති බව සඳහන් කළේය.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණ ගැනිමේ බලය පැවරී තිබෙන්නේ එහි විධායක කමිටුවට. එම කමිටුව විසින් සිදු කරනු ලබන යෝජනා සම්මතයකින් එහි තීරණය ගනු ලබනවා. එහෙත් මෙම පෙත්සම ගොනු කිරීම සඳහා ක්‍රිකට් විධායක කමිටුවේ යෝජනා සම්මතයකින් අනුමැතිය ලැබී නැහැ. එම කරුණ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් අධිකරණය හමුවේ වසන් කර තිබෙනවා. ඒ නිසා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පුද්ගලික පදනමකින් බව සඳහන් කළ යුතුයි. ඒ අනුව මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයාට කිසිදු නීතිමය හැකියාවක් නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්නා ගෙන යාමට නොහැකි බැවින් එය නිෂ්ප්‍රභ කළයුතු බවත් කියා සිටියේය.


"ගැසට් නිවේදනය තුළින් සිදූවී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවීම පමණයි"

මෙහිදී විනිසුරු සෝභිත රාජකරුණා මතු කළ ප්‍රශ්ණයකට පිලිතුරු දුන් ජනාධිපති නීතිඥ ඉගලහේවා "ස්වාමීනි.... මෙම නඩුවේ වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අධිකරණ ගනු ලැබූ පියවර සම්පූර්ණයෙන්ම නීතියට පටහැණියි. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින් තමා මෙම නඩුවට අදාළ නොතීසි නිකුත් කර තිබෙන්නේ." යනුවෙන් කියා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉකුත් 05 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් සිදූවී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවීම පමණක් බව සඳහන් කළේය.

විනිසුරු සෝභිත රාජකරුණා විමසා සිටියේ - ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටවූ පසු අතුරු පාලක කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබේද? යන්න පිළිබඳවය.


ජනාධිපති නීතිඥ ඉගලහේවා - “ස්වාමීනි... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ජාතික සංවිධානයක්. එය සාමාන්‍ය ක්‍රීඩා සංගමයක් නොවෙයි. ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා ලියාපදිංචිය අත්හිටුවීමට අමාත්‍යවරයාට බලය තිබෙනවා. එසේ අත් හිටවූ පසු නැවත නිලවරණය ක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කළා. එය අමාත්‍යවරයා විසින් සිදුකළ අයුතු මැදිහත් වීමක් නොවේ." ඒ අනුව ලියාපදිංචිය අත්හිටවූ පසු ක්‍රීඩා පනත යටතේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට පූර්ණ බලයක් තිබෙනවා”.


වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගනකාධිපති වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිබඳව විමර්ශන සිදු කිරීම, ඊට වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීම, එම විමර්ශන සම්පූර්ණ කරන තුරු ක්‍රිකට් පරිපාලනය පවත්වාගෙන යාම සහ අනාගතයේ දී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම යනාදී කටයුතු ඉටුකිරීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කළ බව අනාවරණය කළේය.

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ අවිධිමත් ක්‍රියා සම්බන්ධයෙන් විගනකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ පිළිබඳව පෙත්සම්කරු විසින් අධිකරණය හමුවේ කරුණු වසන් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. රජයේ විගණකාධිපති වාර්තාවේ සඳහන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ දූෂණ අක්‍රමිකතා සිද්ධි මාලාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පවතින අසීමිත දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් එහි පාලකයින් ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුව පවා ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

fhgfdgfg

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම පිළිබඳව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙසේ කරුණු දක්වා සිටියේය. "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇෆ්ගනිස්ථානය පූර්ණ සාමාජිකයෙකු ලෙස පිළිගෙන තිබෙනවා. ඒ තුළින් ඔවුන් තලේබාන් නීතිය පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපගේ නීතිය ප්‍රශ්නගත වී තිබෙනවා. මෙය තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආකල්පය" යනුවෙන් සඳහන් කර සිටියේය.

 

වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණි.

(උපුටා ගැනීම -  BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්