එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලය (IPCC) කියන ආකාරයට ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු

විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය - 2.1 Tons 

ලෝකයේ දැනට එක් පුද්ගලයෙකු පිට කරන කාබන් ප්‍රමාණය - 4.69 Tons

පැරිස් කණ්ඩායම ඇතුළු දියුණු කණ්ඩායම් වල විමෝචනය - 8.3 Tons
චීනයේ ඒක පුද්ගල විමෝචනය - 7.6 Tons
ලංකාවේ ඒක පුද්ගල විමෝචනය - 1.1 Tons

එහෙයින් ලංකාවට තවදුරටත් ලෝක සම්මුතියට අනුව එක් පුද්ගලයෙකුට භාවිතා කළ හැකි වාර්ෂික කාබන් ප්‍රමාණය - 1 Tons
එනම් මිලියන 22 ජනතාවට මිලියන 22 Tons 

නමුත් අපගේ විමෝචන හැකියාව ඉහත පැරිස් සමුළුවේ රටවල් (ජපානය, එක්සත් ජනපදය, යුරෝපයද ඇතුලත්ව) මෙන්ම චීනයද අපට නොදන්වා ලබාගෙන ඇත. ඉන්දියාව තවමත් ඒ කාණ්ඩයට ලඟා වී නැත.

එහෙයින් කාබන් අය - වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇත.

දැනට කාබන් 1 Tons ක් අලෙවි වන්නේ ඩොලර් 6 - 10 අතරය. 

මේ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් දායකත්වය ඩොලර් මිලියන 132 - 220 අතරය. 

1991 සිට ගත් කළ ඩොලර් මිලියන 3900 - 6600 අතරය.

ලංකාවේ විදේශ ණය වලට ඉහත රටවල් මේවා හිලව් කළ යුතුය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඉන් අනතුරුවය.

(පාඨලී චම්පික රණවක)
එක්සත් ජනරජ පෙරමුණේ නායක


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්