leader s

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ

විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර මෙම එන්නත් වර්ගය ද ආන්දෝලනයට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සැපයූ සමාගම මගින් ගෙන්වූ බවට වාර්තාවී ඇති බවය.

රිටුක්සිමැප් නැමති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතාවන එන්නතක්ද, ව්‍යාජ WOR හෙවත් ඖෂධ අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් මගින් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.

එක් එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152/-කට මිලදී ගෙන ඇති අතර සම්පූර්ණ තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැයකොට ඇති ද ඔහු වැඩිදුරටත් පැවසිය.


කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ මේ වනවිටත් එම එන්නත භාවිතයෙන් ඉවත් කර ඇති බවය.

එම ඖෂධය ලබාදුන් රෝගීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්