යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන් විසි දහසකට අධික පිරිසකගේ නම් ඇතුලත් ඵලක මාලාවක් නිරාවරණය කරමින්

යාපනයේදී මහවිරු සැමරුම් සතිය ආරම්භ කර තිබේ.

උපවාසයේ යෙදී සිටියදී මිය ගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාසයියා පාර්තිපන් හෙවත් ත්‍යාගී තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය සමීපයේ නොවැම්බර් 21 වැනි අගහරුවාදා පස්වරුවේ හයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 24379ගේ නම් ඇතුලත් පුවරු විවෘත කර තිබුනේ යුද්ධයේදී සිය පුතුන් තිදෙනකුම අහිමි වු ශිවපාදම් ඉන්ද්‍රවතී මාතාව විසිනි.

1982 වසරේ නොවැම්බර් 27 සිට 2009 මැයි 18 දක්වා ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ නම් ඵලක වල ඇතුළත් බව පවසන පළාත් බද වාර්තාකරුවන් සදහන් කරන්නේ නාම පුවරු ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට දෙමළ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම එක්ව සිටි බවයි.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව ද ඔවුහු වැඩි දුරටත් පවසති.

  දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය යෙදී ඇත්තේ නොවැම්බර් 27 දාටය.

P 03

 යුද්ධයේදී ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන් සිහිපත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත අනුස්මරණ තහනම් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම් හතරක් උතුරේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තෙල්ලිපලෙයි හා අච්චුවේලි පොලීසිය විසින් සිදු කළ ඉල්ලීම් නොවැම්බර් 20 වැනිදා දිනත් මානිප්පායි සහ පලාලි පොලිසිය විසින් සිදු කළ ඉල්ලීම් නොවැම්බර් 21 වැනි දිනත් මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවයි.

මල්ලාහම් මහේස්ත්‍රාත් සාවිත්‍රි සයිලවන් නියෝග කර ඇත්තේ මිය ගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මානව අයිතිවාසිකමක් වන බැවින් ජාතික ආරක්ෂාවට බාධාවකින් තොරව සිදු කරන අනුස්මරණ තහනම් කළ නොහැකි බවයි.

නඩු තීන්දුවට පසුදා යාපනය සරසවි භූමියේත්, මුලතිව්හි වන්නිවිලාන්කුලම් විරුවන් සැතපෙන භූමියේත්, මුලතිව්, විශ්වමඩු පිහිටි තේරාවිල් විරුවන් සැතපෙන භූමියේත් මල් පහන් පුදා දෙමළ මහවිරු සතියට මුලපුරන ලද බවට වාර්තා ලැබී තිබේ.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් ඩෝසර් කර සමරු පලක කඩා බිඳ දැමු බවට උතුරේ දෙමළ ජනයා යුද හමුදාවට චෝදනා එල්ල කරයි.

මළවුන්ට ගෞරව දැක්වීම හින්දු සංස්කෘතියේ කොටසක් වනවා සේම, මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

LTTE 12 .2023.11.241

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්