කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය

නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතු යැයි අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මේ බව කීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කළ බවත්, ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සගවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.


අරගලය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කළ බවත්, දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කලා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත් කරන බවත් පැවසු නාමල් මන්ත්‍රීවරයා, මේවා හුදු ජනප්‍රිය වීම සදහා විපක්ෂය විසින් සිදු කරන නාටක බව කියා සිටියේය.


 තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂට වන අතර විපක්ෂයේ ඉන්න සියළු දෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් බව නාමල් රාජපක්ෂ තවදුරටත් පැවසිය.

මහින්ද රාජපක්ෂ හැමදාම තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් බොහෝ නායකයින් යුද්ධය ඉවර නොකර ජාත්‍යාන්තරය සතුටු කල බවත් තවත් සමහර නායකයින් ත්‍රස්තවාදීන්ට ආයුධ පවා ලබාදුන් බවත් කියා සිටි නාමල් මන්ත්‍රීවරයා, නමුත් මහින්ද ජනතාව හැර කවුරුන්වත් සතුටු කර තම බලය ආරක්ෂා කර ගැනීමට නොගිය  බවත් අවධාරණය කලේය.

මහින්ද යනු බිමේ දේශපාලනය හොදින් හදුනන දේශපාලඥයකු බවත් මඩ ගල් මුගුරු හොදට පුරුදු අයෙක් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

බදු අඩුකර ජනතාවට සහන සැලසීම විපක්ෂයට පෙනෙන්නේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු වරදක් ලෙසටදැයි නාමල් රාජපක්ෂ විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.


රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා අත්සන් ව්‍යාපාරයක් ඇරඹේ

0000214 3

0000214 1

0000214 4

0000214 2
රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් නොවැම්බර් 23 දා කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය.

‘යුක්තිය වෙනුවෙන් ජනමතය’ අත්සන් වැඩසටහන නම් එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.

එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් 3 දෙනෙකු සමගි නීතිඥ කණ්ඩායමේ උපුල් ජයසූරිය ජනාධිපති නිතිඥතුමා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් සමඟ ඉතාමත්ම වැදගත් නඩු කටයුත්තකට මීට පෙර දවසක ප්‍රවේශ වූ බවත් එය අභියෝගාත්මක බැරෑරුම් ක්‍රියාදාමයක් වුවත් එමඟින් රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව යි.

එසේ ම මේ රටේ අක්‍රමවත් අකාර්යක්ෂම දුර්වල හා දූෂිත ආර්ථික කළමනාකරණය තුළ රට බංකොළොත් වීම හා එම බංකොළොත්භාවය තුලින් මූලික අයිතිවාසිකම් කඩවීම යන මාතෘකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය 4න් 1ක තීන්දුවක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් මණ්ඩලයේ දෙදෙනකු හැර සෙසු අය මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම තීන්දුව තුළ මුදලට ගිජු නොවූ පක්ෂයක් සහ සන්ධානයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් මේ අවස්ථාවේ දී වන්දි ලබා නොගෙන මැදමූලන දූෂිත කල්ලිය විසින් ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසා රට බංකොළොත් වීමත් සමඟ ජන ජීවිත කඩා වැටුණු ලක්ෂ 220ක් වූ ජනතාවත් ව්‍යාපාරිකයන්ටත් තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව උදා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


එසේම මෙම අත්සන් මාලාව තුළ විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර ඒ හරහා රටේ උත්තරීතර නීතියට අනුව රටේ ලක්ෂ 220කගේම මුලික අයිතිවාසිකම් කඩ කළ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ජනාධිපතිවරයාට බලකිරීමක් සිදුවන බවත් නැවතත් ඔවුන්ට ඡන්දෙට ඉදිරිපත් විම මෙන්ම ඡන්දය භාවිත කිරීමේ අයිතිය ද අහෝසි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


ගමක් නගරයක් පාසා ගොස් දශලක්ෂ ගණනින් අත්සන් ලබා ගෙන මේ හරහා ජනාධිපතිවරයා තවදුරටත් රාජපක්ෂ සෙවනේ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා සහ වහලා නොවී ජනතාවගේ ආරක්ෂයා විය යුතු බවට බලකිරීමක් සිදු කරන බවත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ලක්ෂ 220ක් වූ ජනතාව මහපාරට බැස මේ සඳහා අත්සන් කරමින් ‘රාජපක්ෂවරු ආරක්ෂා නොකර ඔවුන්ගේ ප්‍රජා අයිතිය නීත්‍යානූකුලව අහෝසි කරන ලෙසට’ ජනාධිපතිවරයාට බලකරන ලෙස යි.

එසේම රට බංකොළොත් වීම හරහා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ස්ථාපිත කරන බවත් ඊට අමතරව හොරා කාපු අරමුදල් නැවත රටට ගෙන විත් එම පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් දේශපාලන ඩීල් නැතිව හොරු අල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්