ලලිත්, ගාමිණී, ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන

තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.

අප දේශපාලනය කරනවා නම්  කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී වජිර මන්ත්‍රීවරයා, ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ රණසිංහ ප්‍රේමදාස ට ඇඟිල්ල දිගු කළ බවත් රණසිංහ ප්‍රේමදාස මෙන්ම ගාමිණී දිසානායක මැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැතැයි ද කීය.

කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බව කී මන්ත්‍රීවරයා, සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට යැයි ද පැවසීය.

" අපි ගැටුනොත් ඒවට වෙන සතුරන් ඇතුළු වෙවී. වෙනත් විදේශ සංවිධාන ඒවායේ ජයග්‍රහණය ලබාවි" යනුවෙන්ද වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කීය.

වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා එම කාරනා කියා සිටියේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වල වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමිනි.



''ප්‍රේමදාස ජනපති එජාප යෝධයින්ව ඉවත්කළා'' - අගමැති මතක් කරයි

මේ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුයේ, කැබිනට් මණ්ඩලයේ විනයක් තිබිය යුතු බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා එසේ පැවසීය.

"අමාත්‍ය මණ්ඩලයක විනයක් තියෙන්න ඕනේ. අමාත්‍යවරයෙක් දිවුරුම් දෙන්නේ ඒකට. මීට කලිනුත් ඇමතිවරු ඕනතරම් අස් වෙලා ගිහින් තිබෙනවා. අස් කරලා තිබෙනවා. මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ යෝධයන් දෙදෙනෙක් වන ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන් ප්‍රේමදාස ජනපති විසින් ඉවත් කර දැමුවා. ඒ යෝධයින් දෙදෙනාව Sacked and removed. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන්න නම් මේ මූලධර්ම අනුගමනය කරමින් කටයුතු කිරීමේ වගකීම තිබෙනවා."


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්