leader s

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන "MTM Young Achievers" සහ "MTM Music & Entertainment" යන සම්මාන

ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ.

විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන් වේ.

මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ.

කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත.

පසුගිය වසර තුනක කාලය තුල සංගීතය, ගායනය, කථික, රංගනය ආදී අංශ ගණනාවකින් රටවල් කිහිපයකම තරග රැසකින් ජයග්‍රහණ හිමි කර ගෙන ඇති ඇය, වයස අවුරුදු 12 දී හන්ඩ්‍රඩ් නැමති ජාත්‍යන්තර සංවිධානයක ලොව ලාබාලතම තානාපති ලෙසද තේරි පත්ව සිටියාය.

"මෙය හොඳ නව ලෝකයක් ගොඩ නගන්නට මහන්සිවෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් සහ අභිප්‍රේරණයකි .

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 25 දා එක්සත් රාජධානියේ මැරියට් බ්‍රිස්ටල් හි ඩෙල්ටා හෝටලයේදී පැවැත්විණි .

(lankadeepa.lk)

Binara 2023.11.29

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්