leader s

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු

කෞතුක භාණ්ඩ 06ක් අද (29) යළිත් නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන විත් තිබේ.

මෙම කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මඟුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය, රජතුමාගේ රන් පිහිය, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව සහ තවත් මහ තුවක්කු දෙකක් වන බව සඳහන්ය.

මෙම කෞතුක භාණ්ඩ අද අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේය.

නෙදර්ලන්තය තුළ ලන්දේසීන් විසින් පැහැර ගත් තවත් මෙරටට අයත් කෞතුක භාණ්ඩ රාශියක් ඇති අතර එම කෞතුක භාණ්ඩ ඉදිරි කාලයේ දී කොටස් වශයෙන් මෙරටට රැගෙන නියමිතව තිබේ.

මීට අමතරව එංගලන්තය ඇතුළු තවත් විදේශ රටවල් විස්සක පමණ මෙරටින් පැහැරගත් විශාල කෞතුක භාණ්ඩ තොගයක් ඇති අතර එම භාණ්ඩ ද ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට නියමිතය.

මෙම කෞතුක භාණ්ඩ භාර ගැනීම සදහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර විකවික්‍රමනායක, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් ( Bonnie Horbach ), බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි, කොළඹ ජාතික කෞතුකාගාර අධිකාරී රංජිත් හේවගේ, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශ්‍රී රජීව් යන පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත භාර දුන් අතර පසුව එය අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණි.

image 14919a521e

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්