ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම

ව්‍යවස්ථා සභාවේ අනුමැතියට එවනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වහාම රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

පොලිස්පති සීඩී වික්‍රමරත්න පසුගිය 24 වැනිදා විශ්‍රාම ලැබීය.

ඒ සිය සිවුවැනි සේවා දිගුව අවසන් වීමෙන් පසුවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ මාස තුනක කාලයක් සදහාය.

පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි


නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (30) පෙරවරුවෙ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

වැඩබලන පොලිස්පතිවරයා වැඩ භාර ගනු ලැබුවේ, සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි.

එම අවස්ථාවට පොලිසියේ උසස් නිලධාරිහු රැසක් සහභාගී වි සිටියහ.


සබැඳි පුවත් :

පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය මගහැරී නිලධාරීන්ට රැකවරණය දීම වැරදියි - විපක්ෂනායක
දේශබන්දු ගේ පත්කිරීම ගැන කතෝලික සභාවේ විරෝධය
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්