leader s

අන්තර් ජාලයට දමා මුදල් සෙවීමේ අරමුණින් 14 හැවිරිදි තම එකම දියණියගේ නිරුවත් ජායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු

බිරිඳ විසින් කපා කොටා ඝාතනය කර කරන ලද සිද්ධියක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් සහායක උපස්ථායකයකු ලෙස සේවය කළ වැල්ලව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකි.

 
නිවසේ නාන කාමරය තුළ සිටියදී බිරිඳ ඔහුට මිරිස් කුඩු ගසා ඇති බවද මිරිස් කුඩු ප්‍රහාරයට ගොදුරුවූ සැමියා ඉන් එළියට පැමිණීමේදී බිරිඳ සැමියා කපා කොටා ඝාතනය කර ඇති බවද වාර්තාවේ.

එම පහරදීම හේතුවෙන් ඔහු නිවසේ සාලය තුළදීම මරණයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
 
මෙම කාන්තාව තම 14 හැවිරිදි දියණිය හා 9 හැවිරිදි පුතා නිවසේ කාමරයකට දමා වසා තම ස්වාමි පුරුෂයාව ඝාතනය කර ඇති බව පොලිසිය තවදුරට ත් සඳහන් කළේ ය.

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ.
 
7d596ff24ec499d8731bb5a807b9e796 L

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්