ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ධූරයට (පෙර නොතිබූ තනතුරක්) හෝ අධි කාර්යසාධන මධ්‍යස්ථානයේ තනතුරකට සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී

ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ, මාසිකව ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මතය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර අවසන් ඒකඟතාවකට තවම එළැඹ නොමැත.

ඒ අනුව ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතරවාරයේ ඊට අමතරව සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදාල වගකීම් පැවරී ඇති නමුත් ජයසූරියට නව විෂය පථයක වගකීමක් පැවරෙනු ඇති බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර ඊට සමගාමීව තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව තිබේ.

 
 
ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද ද සිල්වා පළමු වරට කතා කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සඳහා කුමන පුද්ගලයින් පත්කළ ද ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසාදිය යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂිතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මෑතකදී ඇතුලත්වූ අරවින්ද ද සිල්වා පවසයි.

ඔහු එබව කියා සිටියේ, 'නෙත් එෆ් එම් ක්වික් චැට්' වැඩසටහනට එක්වෙමිනි.


කුමන පුහුණුකරුවෙකු පත් කළ ද ඔහුගේ කාර්යය ඉටුකිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, විවිධ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කරන්නට ඉඩ දෙන්නේ නම් මෙරට පුහුණුකරුවෙකු වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සුදුසු බව අරවින්දගේ අදහසයි.
 


ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීම සඳහා තමන්ට ද ආරාධනයක් ලැබී ඇතැයි අරවින්ද ද සිල්වා මෙහිදී පැවසිය.
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්