leader s

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ

විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙම විමර්ශනයට අදාල ලිපිගොනු පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් නීතිපතිවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පෙනී යන හෙයින් විමර්ශන කටයුතු පොලිස්පතිවරයාට බාර දෙන ලෙස ඒ අනුව නීතිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අදාළ සියලු ලිපිගොනු සියල්ල පොලිස්පතිවරයාට අද හෙටම බාරදෙන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.


සේවිකාවෝ විස්සකට වැඩි පිරිසකගෙන් පැමිණිලි


මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලක ඇතුළු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

එම දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ විස්සකට වැඩි පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළහ.

සිද්ධිය පිළිබඳව මුලින්ම පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් විසිනි.

දැනට කරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගේ නම් සදහන්වී ඇති බව දැනගන්නට ඇත.

(lankadeepa.lk- සුජිත් හේවාජුලිගේ)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්