වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකතුව (SLCAT) හා 'රයිට් ටු ලයිෆ්' මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන පොලිස්

වදහිංසාවේ මූලය, සංදර්භය හා විසදුම් ප්‍රතිපත්තිමය සංවාදය අද (11) කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැවැත් වේ.

මෙම සංවාදය සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත ජයකොඩි, නීතිඥ දුලාන් දසනායක, සමාජ ක්‍රියාකාරීනී අමිතා ප්‍රියන්ති සහභාගී වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය ලොවට හදුන්වා දී මේ වන විට වසර 75ක් පිරීම නිමිත්තෙන් මෙම සංවාදය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

1948 දෙසැම්බර් 10 එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දුන් අතර, 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා තිබේ. පසුව එම විශ්ව ප්‍රකාශනයේ සදහන් සමහර කොටස් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කර ඇත්තේ එම අයිතිවාසිකම් කිසිකෙනෙකුට අභියෝගයට ලක්කල නොහැකි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සදහන් කරමිනි.

 

මෙම විශ්ව ප්‍රකාශණයේ 5 වන වගන්තියේ සදහන් “කිසියම් රාජ්‍ය පාර්ශවයක් විසින් කිසියම් තැනැත්තෙකු වදහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීම” යනුවෙන් සදහන් වගන්තිය අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට මුළුමනින්ම ඇතුලත් කර ඇත්තේ වදහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ රජ්‍ය ද අනෙකුත් රාජ්‍ය මෙන් කටයුතු කරන බවට දුන් සහතිකයක් ලෙසය. 

මේ අතර, වදහිංසාවට එරෙහිව තවත් වැදගත් පනත් 1987 ජුනි 26 වන දින එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලදී. වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති පනත ලෙස එය හැදින්වේ.

එම පනතට 1994 ජනවාරි 03 වන දින ශ්‍රී ලංකා රජය ද අත්සන් කර තිබේ. ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා රජය වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි 1994 අංක 22 දරණ එක්සත් ජාතීන්ගේ සම්මුති පනත 1994 නොවැම්බර් 25 දින විශේෂ පනතක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලදී. 

එම නීතිය 1994 දෙසැම්බර් 20 වන සිට ශ්‍රී ලංකාවේ බලාත්මක වූයේ වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත ලෙස ශරීරිකව හෝ මානසිකව සැලකීම අපරාධ වරදක් බවට පත්කරමිනි එවැනි ක්‍රියාවකට එරෙහිව හත්අවුරුද්දකට නොඅඩු  සිරදඩුවමකට හා රුපියල් 50,000 කට නොඅඩු දඩයකට යටත්කර තිබේ.

 

ඒ අනුව, ශ්‍රී ලංකාව රාජ්‍ය තුළ කෲර වදහිසංව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවටත්, අපරාධමය වරදක් බවට පත් කර තිබේ. මෙම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වී දැනට වසර 45 ගතව ඇති අතර, අපරාධමය වරදක් බවට පත් කර වසර 29ක් ගතව තිබේ.

 

මෙම නීති  හරහා ශ්‍රී ලංකාවේ වදහිංසාව අඩුවී තිබේ ද..?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන 



ඉහත සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ, වදහිංසාවට එරෙහිව ප්‍රභල නීති අප රටේ ස්ථාපිතව තිබුනත්, “වදහිංසාව කිසිසේත් නොඉසීමේ” (zero tolerance on Torture) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පිළිගැනීමට ලක්ව තිබුනත්, වදහිංසාව වැලැක්වීමට ශ්‍රී ලංකා රජය තවමත් අසමත්ව ඇති බවයි.  

ඉතා වැදගත් හා බරපතල නීති වදහිංසාවට එරෙහිව පනවා තිබුනත් එම නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට නොහැකිව ඇති බවයි. 

ඉහත තොරතුරු අනුව පෙනී යන්නේ වදහිංසාවට එරෙහි ඇති ඉතා බලවත් නීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමේ මන්දගාමී ස්වරුපයයි. මෙම තත්ත්වය වලක්වා ගැනීමට පහත සදහන් යෝජනා පිළිබදව අවධානය යොමු විය යුතුව ඇත.  

නිර්දේශ:

1.ශ්‍රී  ලංකා රාජ්‍ය දේහය තුළ (පොලීසිය/බන්ධානාගාරය/පාසැල්) පවතින වදහිංසාව ඉවත් කිරීම සදහා රජය අවංකව මැදිහත් විය යුතු අතර, ඒ සදහා පූර්ණ කැපවීම ප්‍රදර්ශණය කළ යුතුය.

2. වදහිංසාව තිබිය යුතු බවට අප්‍රසිද්ධියේ ඇති සමාජ කතිකාව මතවාදීමය හා ප්‍රයෝගිකව පරාජය කළ යුතුයි. 

3. අපරාධ පරීක්ෂණය සදහා නවීන තාක්ෂණය භාවිතා කරන මනා පුහුණුවකින් යුත් උගත් නිලධාරීන් පත්කළ යුතුය.

4. පොලිස් ස්ථානයක සිදු වන වදහිසංවන් සම්බන්ධව වගකීම අදාල පොලීසියේ ස්ථානාධිපතිවරයා හා සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරිය යුතුය.

5. වදහිංසාවන් සිදු කළ බවට අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන නිලධාරීන් වැඩ තහනමකට ලක් කොට අභ්‍යන්තර විනය ක්‍රියා මාර්ගයන් වෙත යොමු වීම.

6. ශ්‍රී ලංකාවේ වදහිසාවට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම සක්‍රීය විය යුතුයි. ඒ සදහා පවතින අඩුපාඩු හදුනාගෙන ඊට පිළියම් සෙවිය යුතුයි. 

7. බොරු නඩු පැවරීමට ඇති ඉඩ සම්පුර්ණයෙන් හකුලා දැමිය යුතු අතර, නඩු ප්‍රමාදය වැලැක්වීමට පියවර ගත යුතුයි.

8. නවීන තාක්ෂණය හා විද්‍යානුකූල ක්‍රමයන් අනුගමනය කරමින් අපරාධ පරීක්ෂණ සිදු කිරීම සදහා නිලධාරීන් පුහුණු කිරීමත් අවශ්‍ය තාක්ෂණික සම්පත් ලබාදීමත් සිදු කළ යුතුයි.

9. නිලධාරීන් මුහුණ දෙන විවිධාකාරයේ ගැටළු (ආතතිය/රාජකාරීමය උනන්දුව/සුදුසු දීමනා හා ගෙවීම්) විසදා නිවැරදි ක්‍රමවේදයක් මත ඔවුන්ගේ උසස්වීම් හා මාරු කිරීම් සිදු කිරීමත් වදහිංසාව සිදු නොකරන නිලධාරීන් ධෛර්ය සම්පන්න කිරීම සදහාත් කටයුතු කළ යුතුය.

10. වදහිංසා පනත යටතේ නඩු පැවරීම සදහා වෙනම ස්වාධීන ඒකකයක් ස්ථාපිත කරමින් විනිවිද පෙනෙන ක්‍රමයක් යටතේ සිදු කිරීමත්, අදාල නඩු විභාග විදිමත්ව සිදු කිරීමත් කළ යුතුය.

11. මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඇති දින 30 කාල බාදකය ඉවත් කිරීමත්, අදාල පෙත්සම් වසරක් තුළ අවසන් කිරීමට කටයුතු කිරීමත් සිදු කළ යුතුය.

WhatsApp Image 2023 12 11 at 11.43.52 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්