මිහින්තලය පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී පැවසීය.


මිහින්තල පුදබිමේ ආරක්ෂාව භාරව සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය බව කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධරයන් තිස්දෙනෙකු පමණ එහි ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ යයිද කීය.

මිහින්තලයට ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවයක් වුවහොත් ඒ සඳහා හමුදාව යෙදවීමට හැකියාව තිබෙන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මිහින්තල පුදබිමට හමුදාව යොදවා සිටියේ ආරක්ෂාව සඳහා නොව වෙනත් වැඩ කටයුතු සඳහා බව කී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිහින්තලයෙන් ඉවත් කරන ලද්දේ එම ආරක්ෂක හමුදා භටයන් 252 බව සඳහන් කළේය.



කුඩම්මාගේ සැලකිලි එපා !

මහින්දාගමනය සිදු වූ මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන්  රණසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මිහින්තල පුදබිමේ සිටි හමුදා ඉවත් කරගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා,  මොන දේශපාලන මතවාද තිබුණත් මහින්ද රාජපක්ෂ යුගයේදී මිහින්තලයේ සංවර්ධන කටයුතු නතර කළේ නැති බව සඳහන් කළේය.

මිහින්තලේ සංවර්ධන කටයුතු  නතර කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා කීය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්