මුදල් නොමැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් ලක්ෂ අසූවක මුදලක් සාවද්‍ය පරිහරණය

කිරීම සම්බන්ධව චෝදනා කොට පවරා තිබු නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියම කළේය.

කොළඹ මහාධිකරණය අංක 04  විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුතුමන් ඉදිරිපිටදී 2021 වසරේ සිට මෙම නඩුව විභාග විය.

2012 වසරේදී හොඳ කට්ටාඩි ගීගන බඳනගේ සමිත් අනුරුද්ධ නමැති අයකු විසින්, තමාට අයත් SPKL 5126 දරණ කාර් රථය මිලදී ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 68ක චෙක් පතක් ලබාදී එය අගරු වීම නිසා සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද චූදිත වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි  යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.

අද (11) දින එකී නඩු විභාගයෙන් අනතුරුව අධි චෝදනා පත්‍රයෙහි සඳහන් ඉහත කී අධි චෝදනාව මෙම අධිකරණයෙහි පවත්වාගෙන යා නොහැකි බවටත්, චංචල දේපළ පැවරීමේදී විශාල නීත්‍යානුකූල අණ පනත් ප්‍රමාණයක් පවතින බවටත්, ඒවා අනුව මෙම නඩුවට අදාල ගනුදෙනු සිදුවී ඇති බවටත්, මෙම දෙපාර්ශවය අතර තිබූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙම ගණුදෙනු සිදුවී ඇති බවටත්, පසුව එම සම්බන්ධතා අතර ප්‍රශ්න මතුවූ පසු මෙම ආරවුල පැන නැගී ඇති බවටත්, ඒ අනුව තව දුරටත් මෙකී චෝදනා චූදිතට එරෙහිව මෙම පවත්වාගෙන යා නොහැකි බවටත් තීරණය කොට, විනිසුරුවරයා විසින් මෙම නඩුවෙන් චූදිත වන වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි නිදොස්කොට නිදහස් කිරීමට තීරණය කළේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්