බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාස වන ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින

ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිපති උපදෙස් ලබාගැනීමට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අධිකරණය සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර දෙව ගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ අනුව පෙත්සම සංශෝධනයට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත්ය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස්  නීතිපතිවරයාගෙන් ලබා ගත යුතු බවත් ඊට අවසර ලබාදෙන ලෙසත්ය.

අධිකරණයෙන් ඊට අවසර ලැබිණ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ මාර්තු මස 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්