leader s

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය

ඊයේ(12) ලබා දුන්නේය.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කර ගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අරමුදලේ නිලධාරීන් සිදු කළ පළමු සමාලෝචනය ඊයේ(12) විධායක කමිටුවට ඉදිරිපත් විය.

එහිදී ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් එම අරමුදලේ විධායක කමිටුව ප්‍රකාශ කර ඇත.


එම සම්පූර්ණ වාර්තාව:
IMF Executive Board Completes the First Review Under the Extended Fund Facility Arrangement with Sri Lanka


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්