ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර තුනකට අත්හිටුවන්නැයි මුදල් ඇමති ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය ආණ්ඩුවෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිම හරහා 'ශ්‍රී ලංකාව බංකොලොත් වී' ඇති

බවටත් ලංකාවේ මුල්‍ය කළමනාකරණය දුර්වල බවටත් ජාත්‍යන්තරය හමුවේ තහරුවීම තුල ඉදිරියේදී ශ්‍රී ලංකාවට බරපතල ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මුල්‍ය විශේෂඥයින් අනතුරු අඟවති.

පසුගියදා ඉන්දියාවට ගිය අගමැතිවරයා මෙම ඉල්ලීම කළේ, 'ද හින්දු' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

යම් හෙයකින් ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් විදෙස් රාජ්‍යයන් ද එවැනි ක්‍රියාමාර්ගයකට එකඟ වනු ඇතැයි, අගමැතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුව ද ණය ගෙවීම් පැහැර නොහැර එය කළමනාකරණය කර ගන්නා බවට අගමැති මහින්ද රාජපකෂ එහිදී සහතික වී තිබේ.

ලංකාව මුහුණ දී සිටින බරපතම අර්බුදය !

සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින්, මේ සම්බන්ධයෙන් theleader.lk වෙත අදහස් දැක්වූ ප්‍රවීන මුල්‍ය විශේෂඥයකු පැවසුයේ, ණය ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් වෙනත් රටවල නියෝජිතයින් හා ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල නියෝජිතයින් සමග සිදුකෙරෙන අභ්‍යන්තර සාකච්ජා වලදී ශ්‍රී ලංකා රජය රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් මෙවැනි ඉල්ලීම් කර ඇතත් ප්‍රසිද්ධියේ මෙවැනි ඉල්ලීමක් කළ පළමු අවස්ථාව මෙය බවයි.

ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මුළු ණය ප්‍රමාණය 2019 අවසානයේ රුපියල් ට්‍රිලියන 13 ක් පමණ විය. මෙම ණය හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාව විසින් වාරික සහ පොලී ගෙවිය යුතුය. 

WhatsApp Image 2020 02 13 at 10.31.35ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන ආකාරයට 2020 සඳහා ණය තොගය දල දේශීය නිෂ්පාදනයේ අනුපාතයට ගත් කල  එය සියයට 91.4ක් වනු ඇත.

2019 අග භාගයේ දී ක්‍රියාත්මක කරන ලද ක්ෂණික බදු කප්පාදුවලින් පසු පැන නගින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳව ප්‍රවේශම් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් අනතුරු අඟවා ඇත.

බදු කප්පාදු කිරීම නිවේදනය කිරීමෙන් පසුව, ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් 2019 දෙසැම්බර්  සහ 2020 ජනවාරියේදී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම පහත හෙලා ඇත. මෙම කරුණු රටේ ආර්ථිකය මුහුණ දෙන අවදානම් සහ අවිනිශ්චිතතාවයන් පෙන්නුම් කරයි.

විශේෂයෙන්ම, විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති අවදානම වැඩි ය. එම ණය පියවීමට පාර්ලිමේන්තුවෙන් සහ විදේශ මුදල් සංචිතවලින් රුපියල් වෙන් කිරීම අවශ්‍ය වේ. පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කිරීම සඳහා රජය බදු මගින් හෝ ආපසු ණය ගැනීම් වලින් එම අරමුදල් සකසා ගත යුතුය. 

සමස්ත විදේශ ණය තොගයෙන් ඉන්දියාවේ කොටස 2.8% කි :

2018 අවසානයේ දී ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 5959.5 කි. එනම්,

බහුපාර්ශ්වික ණය - රුපියල් බිලියන 1451.4
ද්විපාර්ශ්වික ණය  - රුපියල් බිලියන 1163.3 
මූල්‍ය වෙළඳපොළ වලින් ගත් ණය - රුපියල් බිලියන 3344.8

2018 දී සමස්ත විදේශ ණය තොගයෙන් ඉන්දියාවේ කොටස 2.8% ක් වන අතර චීනයේ කොටස 12.2% කි. රටේ මුළු ණය තොගයෙන් මනිනු ලැබුවහොත්, මෙම කොටස් ඉතා සුළු ප්‍රමාණයන් බව පැහැදිලි වේ.WhatsApp Image 2020 02 13 at 10.34.20

රටවල් විසින් ණය ආපසු ගෙවීම තාවකාලික අත්හිටුවන්නැයි ඉල්ලා සිටීම නිතර දැක්මට නොලැබෙන නමුත් සමහර අවස්ථා වලදී සිදු කර ඇත. 

ඉතා කෙටි කාලයක් තුළ විදේශ මුදල් සංචිත හදිසියේ හා වේගයෙන් ක්ෂය වීමක් ඇති කරන බරපතල බාහිර කම්පන ඇති විට, ආර්ථිකයේ සම්පූර්ණ බිඳවැටීම වළක්වා ගැනීමට ඇත්තේ ක්‍රම දෙකක් පමණි.

 ආනයන සීමා කිරීම තුළින් වියදම් කපා හැරීම හා  රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ තාවකාලික අත්හිටුවීමක් ඉල්ලා සිටීමයි.

WhatsApp Image 2020 02 13 at 10.37.42ජාත්‍යන්තර 'රේටින්' වලින් පහතට වැටීම !

මෙවැනි ඉල්ලීමක් ප්‍රවෘත්ති වල පලවූ විට, දේශීය මෙන්ම විදේශයන්හි ඇති වෙළඳපොළවලින් ලැබෙන ප්‍රතිචාර විවිධාකාර විය හැකිය.

දැනටමත් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන ණය හිමියන් අනාගතයේදී ණය තිරසාර බව ගැන කනස්සල්ලට පත්වනු ඇත.

එහි ප්‍රතිපලයක් ලෙස, ශ්‍රී ලංකාව සමඟ කරන අනාගත ගනුදෙනු බැරෑරුම් ලෙස හා ප්‍රවේශමෙන් ඇගයීමට ලක් කරනු ඇති අතර දැඩි කොන්දේසි සහිත ඉහළ පොලී අනුපාතයකට යටත්ව ණය ලබාගැනීමට සිදුවනු ඇත.

ලොව ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙම පියවර (ණය ගෙවීම තාවකාලිව ප්‍රමාද කිරීමට කාලය ඉල්ලා සිටීම) දෙස සැකයෙන් බැලීමට ඉඩ ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස, ශ්‍රී ලංකාව ණය  අපාසු ගෙවීමේදී වැඩි අවදානම් සහිත රටක් ලෙස පෙන්නුම් කිරීම සඳහා ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංඛ්‍යාලේඛන නැවත සකස් කරනු ඇත.

ශ්‍රී ලංකාව ද්වීපාර්ශිකව ගිවිසුම් මගින් ණය ලබා ගෙන ඇති රටවල් ද ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව ගැන වඩාත් සැලකිලීමත් වෙනු ඇත.

එසේම රටේ ආර්ථික කළමනාකරණය සහ එහි ප්‍රතිපත්ති පිළිබඳව බහුපාර්ශ්වික මුල්‍ය ආයතන (IMF,WB, ADB etc) ඉතා බැරෑරුම් ලෙස සලකා බලනු ඇති අතර ඔවුන්ට හැගෙන පරිදි මෙරටේ ආර්ථික ප්‍රතිපත්ති සහ වැඩසටහන් වල වෙනස්කම් කිරීමට ඉල්ලා සිටිය හැක.WhatsApp Image 2020 02 13 at 10.39.36

පොදුවේ ගත් කල, මේ ආකාරයේ ප්‍රවෘත්ති සෑම වෙළඳපොළකම සෘණාත්මක ලෙස පිළිගනු ඇත.

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්