leader s

මුලතිව් මාන්කුලම් රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබේ.


වාට්ටු සංකිර්ණය ඉදිකිරීමට බිම් සකස් කිරීමට යාමේදී 11 අඟහරුවාදා හමුවී ඇත්තේ මිනිස් අස්ථි කොටස් බවට ප්‍රදේශවාසීහු සැක කරති.

අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය මගින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කොට තිබු අතර ඊයේ (12)  දිනයේ අදාළ ස්ථානය ස්ථානය පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත්වරයා පැමිණියේය.

බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහභාගි කරවාගෙන  අද (13 බ්‍රහස්පතින්දා)  සිට එම ස්ථානයේ කැණිම් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් නියෝග කර ඇත.

වීඩියෝ 


සමූහ මිනිවළවලක් ද ?

මන්නාරම තිරුකේදීශ්වරන් ප්‍රදේශයේදී හා මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේදී ද මීට පෙර මිනිස් අස්ථි කොටස් හමුවු අතර පසුව කරන ලද කැණීම් වලදී අනාවරණය වුයේ අදාළ ස්ථාන සමූහ මිනිවළවල් පැවති බවයි.

මේ වන විට තාවකාලිකව කැණිම් කටයුතු නවතා දමා ඇති මන්නාරම සමුහ මිනීවළ මේ තාක් ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන ඇති විශාලතම සමූහ මිනීවළ වන අතර, කැණීම් කටයුතු අතර මඟ නවතා දමන අවස්ථාව වන විට එයින් කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28 ක් සමඟ පූර්ණ ඇටසැකිලි 300 ට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබුණි.

විදේශීය කාබන් කාල නිර්ණ පරීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්වීමෙන් පසුව, කාලය නිශ්චිත කරගැනීම සඳහා අලුතින් ආරම්භ කරන ලද පුරාවිද්‍යාත්මක පරීක්ෂණය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ අධිකරණය විසින් මේ තාක් මුදා නොහැරීම හේතුවෙන් මේ වන විටත් මන්නාරම සමුහ මිනීවළෙහි කැණීම් කටයුතු සම්බන්ධ විද්‍යාත්මක ගවේෂණ වලට බාධා පැමිණ තිබේ.

(ceylonnews.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්